Thursday, January 2, 2014

හර්නියා Hernia...






අද අපි කතා කරන්න යන්නේ පුරුෂයින්ට සුලබවම ඇතිවන රෝග තත්වයක් වන හර්නියා ගැන​.
හර්නියා කියන තත්වය සුලබ තත්වයක් උනත් හුඟක් දෙනෙකුට ගැන හරි වැටහීමක් නෑ.



විද්යාත්මකව සරලවම කියනවා නම් හර්නියාවක් කියන්නේ ශරීරයේ ඇති යම් කොටසක් එය අඩංගු කුහරයෙන් පිටතට පැමිනීම. සාමාන්යයෙන් බහුලවම තියෙන්නේ උදර කුහරයේ ඇති කොටස් උදර බිත්තියේ ඇති දුර්වල තැන් හරහා පිටතට පැමිණීම.එහෙම නැත්නම් උදර කුහරය ආශ්රිත හර්නියා.හර්නියා ඇතිවන තැන් අනුව හර්නියා වර්ග කිහිපයක් තියෙන්වා.




ඉන් සුලබම වර්ගය (>75%)  Inguinal Hernia වර්ගයයි.පිරිමින්ට වැඩියෙන්ම ඇතිවන්නේත් මේ හර්නියා වර්ගයයි.

මෙහිදී සිදු වෙන්නේ උදර කුහරයේ ඇති කොටස් යටි බඩ ප්රදේශයෙන් පිටතට පැමිණීම පටන් ගැනීමයි.මීට ප්රධානම හේතුව පිරිමින් ගේ ප්රදේශයේ ස්වභාවිකවම ඇති දුර්වල තාවයයි. කළල අවධියේදී පිරිමින් ගේ  වෘෂණ තියෙන්නේ උදර කුහරය ඇතුලේ.ක්රමයෙන් මේ බඩ ඇතුලේ තියෙන වෘෂණ යටි බඩේ පහළ කොටස හරහා  කෝෂ තුළට එනවා.




ශුක්රාණු නිෂ්පාදනයට උදර කුහරයේ උණුසුම වැඩි නිසා සිසිල් පරිසරයක් ලබා ගැනීමට​.
මේ වෘෂණ ගමන් ගත් මාර්ගය කල් යාමේදී අවහිර වී ගියත් ප්රදේශය අනෙක් ප්රදේශ තරම් සවිමත් නෑ. වගේම සමහරුන් ගේ මාර්ගය දිගටම විවෘතව තියෙනවා.
එනිසා මේ මාර්ගය හරහා උදර කුහරයේ ඇති තෙල් තට්ටු හා බඩ වැල් වෘෂණ කෝෂ වෙතට ගමන් කරන්න පුලුවන්.



එහෙම වුනොත් යටි බඩ හා කෝෂ ආශ්රිත ප්රදේශයේ ගෙඩියක් වැනි ඉදිමීමක් දැක ගන්න පුළුවන්. මූලික අවස්තාවේදී මේ හර්නියා එළියට එන්නේ බර ඔසවන විට,කහින විට වැනි උදර කුහරයේ පීඩනය වැඩි වන විටයි.එහෙත් පසුව දිගටම හර්නියාව අඩු නොවී පවතින්වා.ක්රමයෙන් මේ ඉදිමුම් කෝෂ තුළට ගමන් කර ඉතා විශාල වෙන්න පුලුවන්. ප්රධානම අනතුර තමයි මෙහෙම පහතට යන බඩ වැල් අවහිර වෙලා පිපිරී යන්න පුලුවන්.එයින් ජීවිත අනතුරු පවා ඇති විය හැකියි.

 

සමහර හේතු නිසා හ්ර්නියා ඇතිවීමේ හැකියාව වැඩි වෙන්න පුළුවන්.
උදාහරණ විදියට පහත කරුණු දක්වන්න පුළුවන්.

  • නිතරම හුඟක් බර එසවීම​.
  • නිතරම පවතින අධික කැස්ස​.
  • නිතර පවතින මළ බද්ධය​.

ඉහත හේතු නිසා උදර කුහරයේ පීඩනය නිතරම වැඩි වීම ඊට හේතු වෙනවා.
 ඒ වගේම කළින් සඳහන් කළා වගේම ව්ෘෂණ ගමන් කළ මාර්ගය හරියටම වැසී යන්නේ නෑ.ඒ අයටත් හ්‍ර්නියා ඇති වීමේ ලොකු හැකියාවක් තියෙනවා.

ඊළඟට අපි හර්නියා වලට කළ හැකි ප්‍රතිකාර ගැන කතා කරමු.

Sunday, September 2, 2012

සුන්නත් කිරීම​/Circumcision 3

චර්ම ඡේදනය ගැන අද සදාචාරාත්මක ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා වෙනවා.
එයින් ප්‍රධානම කරුණ තමයි,ස්ව කැමැත්ත/Autonomy  පිළිබඳ ප්‍රශ්නය​.
ඒ කියන්නේ තමන්ගේ සිරුර ගැන තමන්ට තීරණ ගැනීමේ හැකියාව තිබිය යුතුයි කියන දේ.සමහර සංවිධාන වයස 18ට අඩු පුද්ගලයන් වෙනත් පුද්ගලයන් ගේ සංස්කෘතික අවශ්‍යතා මත චර්ම ඡේදනයට ලක් කිරීමට එරෙහිව හඬ නගනවා.






හුඟක් වෙලාවට සංස්කෘතික හේතු මත සුන්නත් කිරීම සිදු වුනත් එය අවශ්‍ය වන වෛද්‍යමය තත්ව කීපයකුත් තියෙනවා.
ඉන් ප්‍රධානම තත්වය තමයි phimosis කියන තත්වය​.
එනම් තරුණ වයසට පැමිණියත් පෙරසම සම්පූර්ණයෙන්ම පිටුපසට ගත නොහැකි වීම​.මෙම තත්වය නිවැරදි නොකළහොත් ඔහුට කිසි විටක ලිංගික එක්වීමකට හැකියාව ලැබෙන්නේ නෑ.ලිංගික එක්වීමක යෙදුනොත් එහිදී පෙරසම ශිෂ්නය වටා හිරවී එය ඉදිමී කියන ඉතාම වේදනාකාරී Paraphimosis තත්වය ඇති වෙනවා.එවැනි අයට ඉතින් මංගල රැය රෝහලේ තමයි ගත කරන්න වෙන්නේ.
අනෙක්  එතරම් සුලබ නැති තත්වය තමයි පෙරසම අතර ඇතිවෙන ප්‍රදාහ තත්ව​.එය recurrent balanopsthitis කියලා හැඳින් වෙනවා.

ලංකාවේ නම් හුඟක් පිරිමි චර්ම ඡේදනයට ලක් කරලා නෑනේ.
ඒ අයට පොඩි උපදෙසක්.

  • තමන්ට phimosis තියෙන්වද කියලා පොඩ්ඩක් බලන්න​.ශිෂ්නය හොඳින් ප්‍රාණවත් වූ පසු පෙරසම සම්පූර්ණයෙන්ම පිටුපසට ගන්න පුළුවන් වෙන්න ඕනෑ.විවාහයට කලින් ඒක හදා ගත්තේ නැත්තම් මංගල රැයේදී ඉස්පිරිතාලයකට එන්න වෙයි.(ඇත්තටම තාම සමහරු එහෙම එනවා.​)

  • අනෙක් එක තමයි හැමදාම පෙරසමට යටින් එකතු වෙන smegma හොඳින් සෝදා ඉවත් කරන්න ඕනෑ.මොකද ඒවා පිළිකා කාරකයක්.කාලයක් ඒවා එකතු වෙලා තිබුණොත් ශිෂ්නයේ පිළිකා (penile cancer) හැදෙන්න පුළුවන්.

  • අනෙක් කරුණ අලුත් පියවරුන්ට​.පොඩි කාලෙදි පෙරසම කොහොමත් පිටුපසට ගන්න බෑ.ඒ නිසා හුඟක් තදින් දරුවන්ගේ එහෙම කරන්න එපා.එහෙම කරාම phimosis තත්වය දරුවාට ඇති වෙන්න පුළුවන්.(මේ වැරැද්දත් නිතරම මුණ ගැසෙන දෙයක්)

Sunday, August 19, 2012

සුන්නත් කිරීම​ / Circumcision 2

සුන්නත් කිරීම හෙවත් චර්ම ඡේදනය යනු ශිෂ්නයේ පෙර සම කපා ඉවත් කිරීමයි.සුන්නත් කිරීමේ ඉතිහාසය ගැන කළින් පෝස්ටුවෙන් කියෙව්වා මතක ඇතිනේ.
අද තවත් කොටසක්








පුරුෂ සුන්නත් කිරීමේ වාසි සහ අවාසි දෙවර්ගයම තියෙනවා.



අවාසි
  • මූලිකම ප්‍රශ්නය තමයි එම ක්‍රියාවලියේදී ඇති විය හැකි සංකූලතා.විශේෂයෙන්ම නුපුරුදු අය විසින් මෙම සැත්කම කිරීමේදී අධික රුධිර වහනය,තුවාල පැසවීම​,ඒ ආශ්‍රිත පටක මිය යෑම වැනි ප්‍රශ්න ඇති විය හැකියි.වර්තමානයේදී නම් පිළිගත් රෝහල් වල සුන්නත් කිරීමේදී මෙවැනි ප්‍රශ්න ඉතා අඩුයි.
  • අනෙක් ප්‍රධානම ප්‍රශ්නය නම් වේදනාවයි.සාම්ප්‍රදායික සුන්නත් කිරීමේදී නිර්වින්ඳක භාවිතා කිරීමක් නෑ.එවැනි අති සංවේදී ස්ථානයක නිර්වින් දක නොමැතිව කැපීම් සිදු කරද්දී ඇතිවන තත්වය හිතා ගන්න පුළුවන්නේ....රෝහල් වල නම් සුන්නත් කිරීම සිදු කරන්නේ හිරි වැටීමට බෙහෙත් විදලා.
  • චර්ම ඡේදනය කළ විට ශිෂ්නයේ ඉතාම සංවේදී කොටස වන ශිෂ්න මුණ්ඩය කෙළින්ම බාහිර පරිසරයට නිරාවරණය වෙනවා.එනිසා නිතරම ඇඳුම් වල ඇතිල්ලීම නිසා එහි සංවේදීතාවය අඩු වී යා හැකියි. 
වාසි
  • ප්‍රධානම වාසිය තමයි ඉතින් පිරිසිදු බව වැඩි වීම​.ලිංගික ස්‍රාවයනුත්,සමෙන් හැලෙන ෛසලත් පෙරසම අතර එකතු වෙනවා.මෙසේ සෑදෙන ද්‍රව්‍යය smegma ලෙස හැඳින් වෙනවා.නිතරම සේදුවේ නැතිනම් මේවා රෝග කාරකයින්ට හොඳ මාධ්‍යයක්.ජලය අඩු කාන්තාර පෙදෙස් වල මේ සුන්නත් කිරීම ප්‍රචලිත වෙන්න මෙය​ මූලික හේතුවත් එය ලෙස සැළකෙනවා.(විශේෂයෙන්ම කාන්තාර වැලි පෙර සම ඇතුළට ගිය විටත් ජලයත් බහුලව නැති ඔවුන්ට එය ලොකු ප්‍රශ්නයක් වූවා.)
මෙම smegma එකතු නොවීම කීප ආකාරයකින්ම වැදගත්.
  • එමගින් ශිෂ්නයේ ඇතිවන පිළිකා අඩු වෙනවා.(ශිෂ්න පිළිකා කොහොමත් දුලබ පිළිකා වර්ගයක්)
  • එමෙන්ම  HIV, HPV, HSV වැනි  ෛවරස ආසාදන පැතිරීමත් යම් තරමකින් අඩු වෙනවා.(හැබැයි අවදානම නැති වෙන්නේ නම් නෑ.)
  • මුත්‍රා ආසාදන අඩු වන බව සමහරුන් පවසනවා.



 කාන්තා සුන්නත් කිරීම​.

කාන්තාවන් සුන්නත් කිරීම සමහර මුස්ලිම් රටවල සහ සමහර අප්‍රිකානු රටවල සිදු කෙරෙනවා.එහිදී ඔවුන් ගේ භගමනිය​/අභිශිෂ්නිකාව​/clitoris කපා දැමෙනවා.එමෙන්ම යෝනි මාර්ගයද කුඩා සිදුරක් පමණක් ඉතිරි වන සේ මසා දැමෙනවා.
මෙමගින් කාන්තාවන් ගේ ලිංගික ආශාව අඩු කිරීමද​,ස්වයං වින්දනයේ යෙදීමද,විවාහයට පෙර ලිංගික සබඳ කම් නවතා දැමීමද,ස්වාමියාට වැඩි සතුටක් ලබා දීමද​ අරමුණු වෙනවා.මේ සමාජ වල සුන්නත් නොකෙරුණු ස්ත්‍රීන් සැළකෙන්නේ පහත් ලෙසටයි.


 බොහෝ විට නොපුහුණු කාන්තාවන් විසින් නොමනා තත්ව යටතේ මෙම සුන්නත් කිරීම් සිදු කෙරෙනවා.මෙනිසා ඇතිවන සෞඛ්‍යය ප්‍රශ්න බොහෝයි.
අධික රුධිර වහනය​,ආසාදන තත්ව​,දරු ප්‍රසූතියේදී ඇති වන ප්‍රශ්න,ලිංගික අකර්මන්‍යය තාවය ඉන් කිහිපයක්.එනිසා කාන්තා සුන්නත් කිරීම බොහෝ සංවිධාන හෙළා දකිනවා.

 වාරිස් ඩයිරි නම් සෝමාලියානු ජාතික​ මෝස්තර නිරූපිකාව තම ළමා කාලයේ මුහුණ දුන් මෙම කටුක​,අමිහිරි අත්දැකීම සිය Desert flower චරිතාපදාන​ ග්‍රන්ථයේ මැනවින් විස්තර කර තිබෙනවා.මෙය "කාන්තාරයේ කුසුම" නමින් සිංහලටත් පරිවර්තනය වූවා.
(සෝමාලියානු සාම්ප්‍රදායික එඬේර​ ගෝත්‍රික කෙල්ලක ලෙස උපත ලබන ඇය පසුව රටින් පලා ගොස් යුරෝපයේදී මොස්තර නිරූපිකාවක් බවට පත්වූවා.)

 ඉතිරිය ඉදිරි පෝස්ටුවෙන්...

Related Posts Plugin for WordPress, Blogger...