Thursday, January 2, 2014

හර්නියා Hernia...






අද අපි කතා කරන්න යන්නේ පුරුෂයින්ට සුලබවම ඇතිවන රෝග තත්වයක් වන හර්නියා ගැන​.
හර්නියා කියන තත්වය සුලබ තත්වයක් උනත් හුඟක් දෙනෙකුට ගැන හරි වැටහීමක් නෑ.



විද්යාත්මකව සරලවම කියනවා නම් හර්නියාවක් කියන්නේ ශරීරයේ ඇති යම් කොටසක් එය අඩංගු කුහරයෙන් පිටතට පැමිනීම. සාමාන්යයෙන් බහුලවම තියෙන්නේ උදර කුහරයේ ඇති කොටස් උදර බිත්තියේ ඇති දුර්වල තැන් හරහා පිටතට පැමිණීම.එහෙම නැත්නම් උදර කුහරය ආශ්රිත හර්නියා.හර්නියා ඇතිවන තැන් අනුව හර්නියා වර්ග කිහිපයක් තියෙන්වා.




ඉන් සුලබම වර්ගය (>75%)  Inguinal Hernia වර්ගයයි.පිරිමින්ට වැඩියෙන්ම ඇතිවන්නේත් මේ හර්නියා වර්ගයයි.

මෙහිදී සිදු වෙන්නේ උදර කුහරයේ ඇති කොටස් යටි බඩ ප්රදේශයෙන් පිටතට පැමිණීම පටන් ගැනීමයි.මීට ප්රධානම හේතුව පිරිමින් ගේ ප්රදේශයේ ස්වභාවිකවම ඇති දුර්වල තාවයයි. කළල අවධියේදී පිරිමින් ගේ  වෘෂණ තියෙන්නේ උදර කුහරය ඇතුලේ.ක්රමයෙන් මේ බඩ ඇතුලේ තියෙන වෘෂණ යටි බඩේ පහළ කොටස හරහා  කෝෂ තුළට එනවා.




ශුක්රාණු නිෂ්පාදනයට උදර කුහරයේ උණුසුම වැඩි නිසා සිසිල් පරිසරයක් ලබා ගැනීමට​.
මේ වෘෂණ ගමන් ගත් මාර්ගය කල් යාමේදී අවහිර වී ගියත් ප්රදේශය අනෙක් ප්රදේශ තරම් සවිමත් නෑ. වගේම සමහරුන් ගේ මාර්ගය දිගටම විවෘතව තියෙනවා.
එනිසා මේ මාර්ගය හරහා උදර කුහරයේ ඇති තෙල් තට්ටු හා බඩ වැල් වෘෂණ කෝෂ වෙතට ගමන් කරන්න පුලුවන්.



එහෙම වුනොත් යටි බඩ හා කෝෂ ආශ්රිත ප්රදේශයේ ගෙඩියක් වැනි ඉදිමීමක් දැක ගන්න පුළුවන්. මූලික අවස්තාවේදී මේ හර්නියා එළියට එන්නේ බර ඔසවන විට,කහින විට වැනි උදර කුහරයේ පීඩනය වැඩි වන විටයි.එහෙත් පසුව දිගටම හර්නියාව අඩු නොවී පවතින්වා.ක්රමයෙන් මේ ඉදිමුම් කෝෂ තුළට ගමන් කර ඉතා විශාල වෙන්න පුලුවන්. ප්රධානම අනතුර තමයි මෙහෙම පහතට යන බඩ වැල් අවහිර වෙලා පිපිරී යන්න පුලුවන්.එයින් ජීවිත අනතුරු පවා ඇති විය හැකියි.

 

සමහර හේතු නිසා හ්ර්නියා ඇතිවීමේ හැකියාව වැඩි වෙන්න පුළුවන්.
උදාහරණ විදියට පහත කරුණු දක්වන්න පුළුවන්.

  • නිතරම හුඟක් බර එසවීම​.
  • නිතරම පවතින අධික කැස්ස​.
  • නිතර පවතින මළ බද්ධය​.

ඉහත හේතු නිසා උදර කුහරයේ පීඩනය නිතරම වැඩි වීම ඊට හේතු වෙනවා.
 ඒ වගේම කළින් සඳහන් කළා වගේම ව්ෘෂණ ගමන් කළ මාර්ගය හරියටම වැසී යන්නේ නෑ.ඒ අයටත් හ්‍ර්නියා ඇති වීමේ ලොකු හැකියාවක් තියෙනවා.

ඊළඟට අපි හර්නියා වලට කළ හැකි ප්‍රතිකාර ගැන කතා කරමු.

16 comments:

  1. බොහොම වැදගත් ලිපියක් වගේම සයිට් එකත් වැදගත්.. මේ ගැන දැනුවත් කිරීමට ස්තුතියි සහෝ.

    ReplyDelete
    Replies
    1. බොහෝ අයට පීඩා ‍විදින අලුහම් රෝගය ගැනත් සවිස්තර සටහනක් පලකරන්න. මොකද මෙය මා හටත් ඇති රෝගී තත්වයක් කොපමණ බෙහෙත් ගත්තත් අඩු නොවන...

      Delete
  2. හොඳ ලිපියක් . දිගටම ලියන්න.

    ReplyDelete
  3. Ane pin sidda wei herniawata beheth kiyannako

    ReplyDelete
  4. Ane pin sidda wei herniawata beheth kiyannako

    ReplyDelete
  5. Mekata mokakda karanna thiyenna operation ekakda

    ReplyDelete
  6. Mageth ridenawa wushana kosha.mn toilet gihin thatamanawa e nisad dnne neh monawad krnna thiyena beheth please karuna krl kiynna ..anagathedi balapamak wenna puluwan d.monawad krnna puluwan beheth .operation nthuw wena mukuth ndda krnna anagathe wada bhawayata path wenna puluwan d

    ReplyDelete
  7. Mageth ridenawa wushana kosha.mn toilet gihin thatamanawa e nisad dnne neh monawad krnna thiyena beheth please karuna krl kiynna ..anagathedi balapamak wenna puluwan d.monawad krnna puluwan beheth .operation nthuw wena mukuth ndda krnna anagathe wada bhawayata path wenna puluwan d

    ReplyDelete
    Replies
    1. ඩොක්ටර් කෙනෙක් හම්බෙලා චෙක් කරගත්තොත් හොද නැද්ද තව උඩු දුවන්න කලින්?

      Delete
  8. Mageth ridenawa wushana kosha.mn toilet gihin thatamanawa e nisad dnne neh monawad krnna thiyena beheth please karuna krl kiynna ..anagathedi balapamak wenna puluwan d.monawad krnna puluwan beheth .operation nthuw wena mukuth ndda krnna anagathe wada bhawayata path wenna puluwan d

    ReplyDelete
  9. Hoda lipiyak matah ma asaneepaya thiyanawa akai baluwa hoda wataheemamk labuna stuthi

    ReplyDelete
  10. ලබ්බ බහිනවා කියන්නේ මේකටද

    ReplyDelete
  11. මටත් මේක වෙලා අවුරුදු 7 පමණ වෙනවා තාම අඩු නැහැ මොකක්ද කරන්නේ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...