Sunday, September 2, 2012

සුන්නත් කිරීම​/Circumcision 3

චර්ම ඡේදනය ගැන අද සදාචාරාත්මක ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා වෙනවා.
එයින් ප්‍රධානම කරුණ තමයි,ස්ව කැමැත්ත/Autonomy  පිළිබඳ ප්‍රශ්නය​.
ඒ කියන්නේ තමන්ගේ සිරුර ගැන තමන්ට තීරණ ගැනීමේ හැකියාව තිබිය යුතුයි කියන දේ.සමහර සංවිධාන වයස 18ට අඩු පුද්ගලයන් වෙනත් පුද්ගලයන් ගේ සංස්කෘතික අවශ්‍යතා මත චර්ම ඡේදනයට ලක් කිරීමට එරෙහිව හඬ නගනවා.






හුඟක් වෙලාවට සංස්කෘතික හේතු මත සුන්නත් කිරීම සිදු වුනත් එය අවශ්‍ය වන වෛද්‍යමය තත්ව කීපයකුත් තියෙනවා.
ඉන් ප්‍රධානම තත්වය තමයි phimosis කියන තත්වය​.
එනම් තරුණ වයසට පැමිණියත් පෙරසම සම්පූර්ණයෙන්ම පිටුපසට ගත නොහැකි වීම​.මෙම තත්වය නිවැරදි නොකළහොත් ඔහුට කිසි විටක ලිංගික එක්වීමකට හැකියාව ලැබෙන්නේ නෑ.ලිංගික එක්වීමක යෙදුනොත් එහිදී පෙරසම ශිෂ්නය වටා හිරවී එය ඉදිමී කියන ඉතාම වේදනාකාරී Paraphimosis තත්වය ඇති වෙනවා.එවැනි අයට ඉතින් මංගල රැය රෝහලේ තමයි ගත කරන්න වෙන්නේ.
අනෙක්  එතරම් සුලබ නැති තත්වය තමයි පෙරසම අතර ඇතිවෙන ප්‍රදාහ තත්ව​.එය recurrent balanopsthitis කියලා හැඳින් වෙනවා.

ලංකාවේ නම් හුඟක් පිරිමි චර්ම ඡේදනයට ලක් කරලා නෑනේ.
ඒ අයට පොඩි උපදෙසක්.

  • තමන්ට phimosis තියෙන්වද කියලා පොඩ්ඩක් බලන්න​.ශිෂ්නය හොඳින් ප්‍රාණවත් වූ පසු පෙරසම සම්පූර්ණයෙන්ම පිටුපසට ගන්න පුළුවන් වෙන්න ඕනෑ.විවාහයට කලින් ඒක හදා ගත්තේ නැත්තම් මංගල රැයේදී ඉස්පිරිතාලයකට එන්න වෙයි.(ඇත්තටම තාම සමහරු එහෙම එනවා.​)

  • අනෙක් එක තමයි හැමදාම පෙරසමට යටින් එකතු වෙන smegma හොඳින් සෝදා ඉවත් කරන්න ඕනෑ.මොකද ඒවා පිළිකා කාරකයක්.කාලයක් ඒවා එකතු වෙලා තිබුණොත් ශිෂ්නයේ පිළිකා (penile cancer) හැදෙන්න පුළුවන්.

  • අනෙක් කරුණ අලුත් පියවරුන්ට​.පොඩි කාලෙදි පෙරසම කොහොමත් පිටුපසට ගන්න බෑ.ඒ නිසා හුඟක් තදින් දරුවන්ගේ එහෙම කරන්න එපා.එහෙම කරාම phimosis තත්වය දරුවාට ඇති වෙන්න පුළුවන්.(මේ වැරැද්දත් නිතරම මුණ ගැසෙන දෙයක්)
Related Posts Plugin for WordPress, Blogger...