Sunday, September 2, 2012

සුන්නත් කිරීම​/Circumcision 3

චර්ම ඡේදනය ගැන අද සදාචාරාත්මක ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා වෙනවා.
එයින් ප්‍රධානම කරුණ තමයි,ස්ව කැමැත්ත/Autonomy  පිළිබඳ ප්‍රශ්නය​.
ඒ කියන්නේ තමන්ගේ සිරුර ගැන තමන්ට තීරණ ගැනීමේ හැකියාව තිබිය යුතුයි කියන දේ.සමහර සංවිධාන වයස 18ට අඩු පුද්ගලයන් වෙනත් පුද්ගලයන් ගේ සංස්කෘතික අවශ්‍යතා මත චර්ම ඡේදනයට ලක් කිරීමට එරෙහිව හඬ නගනවා.






හුඟක් වෙලාවට සංස්කෘතික හේතු මත සුන්නත් කිරීම සිදු වුනත් එය අවශ්‍ය වන වෛද්‍යමය තත්ව කීපයකුත් තියෙනවා.
ඉන් ප්‍රධානම තත්වය තමයි phimosis කියන තත්වය​.
එනම් තරුණ වයසට පැමිණියත් පෙරසම සම්පූර්ණයෙන්ම පිටුපසට ගත නොහැකි වීම​.මෙම තත්වය නිවැරදි නොකළහොත් ඔහුට කිසි විටක ලිංගික එක්වීමකට හැකියාව ලැබෙන්නේ නෑ.ලිංගික එක්වීමක යෙදුනොත් එහිදී පෙරසම ශිෂ්නය වටා හිරවී එය ඉදිමී කියන ඉතාම වේදනාකාරී Paraphimosis තත්වය ඇති වෙනවා.එවැනි අයට ඉතින් මංගල රැය රෝහලේ තමයි ගත කරන්න වෙන්නේ.
අනෙක්  එතරම් සුලබ නැති තත්වය තමයි පෙරසම අතර ඇතිවෙන ප්‍රදාහ තත්ව​.එය recurrent balanopsthitis කියලා හැඳින් වෙනවා.

ලංකාවේ නම් හුඟක් පිරිමි චර්ම ඡේදනයට ලක් කරලා නෑනේ.
ඒ අයට පොඩි උපදෙසක්.

  • තමන්ට phimosis තියෙන්වද කියලා පොඩ්ඩක් බලන්න​.ශිෂ්නය හොඳින් ප්‍රාණවත් වූ පසු පෙරසම සම්පූර්ණයෙන්ම පිටුපසට ගන්න පුළුවන් වෙන්න ඕනෑ.විවාහයට කලින් ඒක හදා ගත්තේ නැත්තම් මංගල රැයේදී ඉස්පිරිතාලයකට එන්න වෙයි.(ඇත්තටම තාම සමහරු එහෙම එනවා.​)

  • අනෙක් එක තමයි හැමදාම පෙරසමට යටින් එකතු වෙන smegma හොඳින් සෝදා ඉවත් කරන්න ඕනෑ.මොකද ඒවා පිළිකා කාරකයක්.කාලයක් ඒවා එකතු වෙලා තිබුණොත් ශිෂ්නයේ පිළිකා (penile cancer) හැදෙන්න පුළුවන්.

  • අනෙක් කරුණ අලුත් පියවරුන්ට​.පොඩි කාලෙදි පෙරසම කොහොමත් පිටුපසට ගන්න බෑ.ඒ නිසා හුඟක් තදින් දරුවන්ගේ එහෙම කරන්න එපා.එහෙම කරාම phimosis තත්වය දරුවාට ඇති වෙන්න පුළුවන්.(මේ වැරැද්දත් නිතරම මුණ ගැසෙන දෙයක්)

Sunday, August 19, 2012

සුන්නත් කිරීම​ / Circumcision 2

සුන්නත් කිරීම හෙවත් චර්ම ඡේදනය යනු ශිෂ්නයේ පෙර සම කපා ඉවත් කිරීමයි.සුන්නත් කිරීමේ ඉතිහාසය ගැන කළින් පෝස්ටුවෙන් කියෙව්වා මතක ඇතිනේ.
අද තවත් කොටසක්








පුරුෂ සුන්නත් කිරීමේ වාසි සහ අවාසි දෙවර්ගයම තියෙනවා.



අවාසි
  • මූලිකම ප්‍රශ්නය තමයි එම ක්‍රියාවලියේදී ඇති විය හැකි සංකූලතා.විශේෂයෙන්ම නුපුරුදු අය විසින් මෙම සැත්කම කිරීමේදී අධික රුධිර වහනය,තුවාල පැසවීම​,ඒ ආශ්‍රිත පටක මිය යෑම වැනි ප්‍රශ්න ඇති විය හැකියි.වර්තමානයේදී නම් පිළිගත් රෝහල් වල සුන්නත් කිරීමේදී මෙවැනි ප්‍රශ්න ඉතා අඩුයි.
  • අනෙක් ප්‍රධානම ප්‍රශ්නය නම් වේදනාවයි.සාම්ප්‍රදායික සුන්නත් කිරීමේදී නිර්වින්ඳක භාවිතා කිරීමක් නෑ.එවැනි අති සංවේදී ස්ථානයක නිර්වින් දක නොමැතිව කැපීම් සිදු කරද්දී ඇතිවන තත්වය හිතා ගන්න පුළුවන්නේ....රෝහල් වල නම් සුන්නත් කිරීම සිදු කරන්නේ හිරි වැටීමට බෙහෙත් විදලා.
  • චර්ම ඡේදනය කළ විට ශිෂ්නයේ ඉතාම සංවේදී කොටස වන ශිෂ්න මුණ්ඩය කෙළින්ම බාහිර පරිසරයට නිරාවරණය වෙනවා.එනිසා නිතරම ඇඳුම් වල ඇතිල්ලීම නිසා එහි සංවේදීතාවය අඩු වී යා හැකියි. 
වාසි
  • ප්‍රධානම වාසිය තමයි ඉතින් පිරිසිදු බව වැඩි වීම​.ලිංගික ස්‍රාවයනුත්,සමෙන් හැලෙන ෛසලත් පෙරසම අතර එකතු වෙනවා.මෙසේ සෑදෙන ද්‍රව්‍යය smegma ලෙස හැඳින් වෙනවා.නිතරම සේදුවේ නැතිනම් මේවා රෝග කාරකයින්ට හොඳ මාධ්‍යයක්.ජලය අඩු කාන්තාර පෙදෙස් වල මේ සුන්නත් කිරීම ප්‍රචලිත වෙන්න මෙය​ මූලික හේතුවත් එය ලෙස සැළකෙනවා.(විශේෂයෙන්ම කාන්තාර වැලි පෙර සම ඇතුළට ගිය විටත් ජලයත් බහුලව නැති ඔවුන්ට එය ලොකු ප්‍රශ්නයක් වූවා.)
මෙම smegma එකතු නොවීම කීප ආකාරයකින්ම වැදගත්.
  • එමගින් ශිෂ්නයේ ඇතිවන පිළිකා අඩු වෙනවා.(ශිෂ්න පිළිකා කොහොමත් දුලබ පිළිකා වර්ගයක්)
  • එමෙන්ම  HIV, HPV, HSV වැනි  ෛවරස ආසාදන පැතිරීමත් යම් තරමකින් අඩු වෙනවා.(හැබැයි අවදානම නැති වෙන්නේ නම් නෑ.)
  • මුත්‍රා ආසාදන අඩු වන බව සමහරුන් පවසනවා.



 කාන්තා සුන්නත් කිරීම​.

කාන්තාවන් සුන්නත් කිරීම සමහර මුස්ලිම් රටවල සහ සමහර අප්‍රිකානු රටවල සිදු කෙරෙනවා.එහිදී ඔවුන් ගේ භගමනිය​/අභිශිෂ්නිකාව​/clitoris කපා දැමෙනවා.එමෙන්ම යෝනි මාර්ගයද කුඩා සිදුරක් පමණක් ඉතිරි වන සේ මසා දැමෙනවා.
මෙමගින් කාන්තාවන් ගේ ලිංගික ආශාව අඩු කිරීමද​,ස්වයං වින්දනයේ යෙදීමද,විවාහයට පෙර ලිංගික සබඳ කම් නවතා දැමීමද,ස්වාමියාට වැඩි සතුටක් ලබා දීමද​ අරමුණු වෙනවා.මේ සමාජ වල සුන්නත් නොකෙරුණු ස්ත්‍රීන් සැළකෙන්නේ පහත් ලෙසටයි.


 බොහෝ විට නොපුහුණු කාන්තාවන් විසින් නොමනා තත්ව යටතේ මෙම සුන්නත් කිරීම් සිදු කෙරෙනවා.මෙනිසා ඇතිවන සෞඛ්‍යය ප්‍රශ්න බොහෝයි.
අධික රුධිර වහනය​,ආසාදන තත්ව​,දරු ප්‍රසූතියේදී ඇති වන ප්‍රශ්න,ලිංගික අකර්මන්‍යය තාවය ඉන් කිහිපයක්.එනිසා කාන්තා සුන්නත් කිරීම බොහෝ සංවිධාන හෙළා දකිනවා.

 වාරිස් ඩයිරි නම් සෝමාලියානු ජාතික​ මෝස්තර නිරූපිකාව තම ළමා කාලයේ මුහුණ දුන් මෙම කටුක​,අමිහිරි අත්දැකීම සිය Desert flower චරිතාපදාන​ ග්‍රන්ථයේ මැනවින් විස්තර කර තිබෙනවා.මෙය "කාන්තාරයේ කුසුම" නමින් සිංහලටත් පරිවර්තනය වූවා.
(සෝමාලියානු සාම්ප්‍රදායික එඬේර​ ගෝත්‍රික කෙල්ලක ලෙස උපත ලබන ඇය පසුව රටින් පලා ගොස් යුරෝපයේදී මොස්තර නිරූපිකාවක් බවට පත්වූවා.)

 ඉතිරිය ඉදිරි පෝස්ටුවෙන්...

Friday, August 17, 2012

සුන්නත් කිරීම​ / Circumcision 1

සුන්නත් කිරීම හෙවත් චර්ම ඡේදනය යනු ශිෂ්නයේ පෙර සම කපා ඉවත් කිරීමයි.සුන්නත් කිරීම කිව් සැනින් අපේ මතකයට නැගෙන්නේ මුස්ලිම් පිරිමින්.නමුත් මෙම පුරුද්ද මුස්ලිම් වරුන්ට පමනක් සීමා වූවක් නොවේ.

සුන්නත් කිරීම ලොව පැරණිම සැත්කම ලෙසත් සමහර දෙනා සළකනවා.
සුන්නත් කිරීම ගැන දැනට ලැබී ඇති වාර්තා ක්‍රිස්තු පූර්ව 2345–2181(2345–2181 BC) පමණ ඉතා ඈත අතීතයකට දිව යනවා.මෙම සිරිත ගැන මුල්ම වාර්තා හමු වන්නේ ඊජිප්තුවෙන්.පුරාණ මිසර ශිෂ්ටාචාරයේ මෙම සිරිත දරුවෙක් නව යොවුන් වියේදී තරුණයෙක් කිරීමේ සිරිතක් ලෙස උත්සවාකාරයෙන් සමරනු ලැබුවා.බොහෝ විට මෙවැනි උත්සවයකදී සාමූහික සුන්නත් කිරීම් තමයි සිදු කරනු ලැබුවේ.

සුන්නත් කිරීමේ උත්සවයක් දැක්වෙන පුරාණ මිසර චිත්‍රයක් from the Tomb of Ank-Mahor 2340 BC.

අදත් අප්‍රිකාවේ සමහර ගෝත්‍ර සුන්නත් කිරීම තරුණ බවට පැමිණීමේ චාරිත්‍රයක් ලෙස උත්සාකාරව සමරනවා.එහිදී නව තරුණයන්, ප්‍රසිද්ධියේ උත්සව සභාව මැද චර්ම ඡේදනයට ලක් කෙරෙනවා.එහිදී ඔවුන් වේදනාව දරා ගෙන නිසොල්මන්ව සිටිය යුතු අතර එය වැඩිහිටියෙකු වීමේ ලක්‍ෂනයක් ලෙස සැලකෙනවා.
ඇතැම් ගෝත්‍ර වල ඉවත් කෙරෙන සම් කබැල්ල අනුභව කිරීමද සිදු වෙනවා.





ඉතා ඈත අතීතයේ පටන් කාන්තාර ආශ්‍රිතව ජීවත් වූ මැද පෙරදිග ජනයා පිරිමි චර්ම ඡේදනය සිදු කළා.බොහෝ දෙනා සිතනුයේ මෙය කාන්තාර වියළි දේශගුණය නිසා පුරුදු වූ දෙයක් බවයි.නිතර වැලි කුණාටු පවතින කාන්තාරයේ වැලි පෙර සම අතරට ගිය විට පිරිමින්ට බොහෝ අපහසුතාවයන්ට මුහුණ පාන්න සිදු වුනා.ඒවා නිතර සෝදා ගැනීමට ජල පහසුකම්ද බොහෝ කාන්තාර වාසීන්ට තිබුණේ නෑ.එනිසා කාන්තාර ආශ්‍රිතව ජීවත් වූ ජනයා මෙම පුරුද්ද ඇති කර ගන්නට ඇති බව සැළකෙනවා.පසුව කාන්තාර ආශ්‍රිතව බිහිවූ ආගම් වලින් ද මෙම පුරුද්ද අනුමත කෙරුණා.

ඒබ්‍රහමික ආගම් වල පරණ තෙස්තමේන්තුවේ දෙවියන් වහන්සේ උදෙසා සුන්නත් කිරීම ගැන සඳහන් වෙනවා.ඒබ්‍රහමික ආගම්/Abrahamic religions යනු ඒබ්‍රහම්/Abraham නම් ආදි නායකයා පිළිබඳව විශ්වාස කරන ආගම්.(මා වැරදි නම් නිවැරදි කරත්වා).යුදෙව් ආගම​(Judaism),ක්‍රිතුණු ලබ්ධිය(Christianity) හා ඉස්ලාම් ආගම(Islam) මේ ඒබ්‍රහමික ආගම්/Abrahamic religions යටතට අයත්.
පැරණි ලියවිල්ලට අනුව දෙවියන් විසින්, ඒබ්‍රහම් හා ඔහුගෙන් පැවතෙන සියළු පිරිමි දරුවන් චර්ම ඡේදනය කිරීමට උපදෙස් දුන් බව පැවසෙනවා.

 ඒ අනුව යමින් අදත් යුදෙව් ජාතිකයින් පිරිමි දරුවකු ඉපදී 8වන දිනයේදී සුන්නත් කිරීම සිදු කරනවා.
 යුදෙව්වෙක් ලෙස ඉපදුණු ජේසුතුමන් ද 8 වන දිනයේදී චර්ම ඡේදනයට ලක් කළ බව පැවසේ.සාම්ප්‍රදායිකව මෙම දිනය ජනවාරි 1 වනදා ලෙස සැළකෙන අතර සමහර කිතුණු කොටස් මෙම චර්ම ඡේදන මංගල්‍යය සමරනවා.එහෙත් සාමාන්‍යයෙන් කිතුණු ආගම සුන්නත් කිරීම අනුමත කරන්නේ නෑ.

Circumcision of Christ, fresco from the Preobrazhenski Monastery, Bulgaria


ඉන් පසුව බිහිවූ ඉස්ලාම් ආගමේත් සුන්නත් කිරීම අනුමත කෙරුනා.එහි අවශ්‍යයතාවය හදිත්/Hadith වල දැක්වෙනවා.සමහරු මෙය දෙවියන් විසින් ඒබ්‍රහම්ට දුන් අණ ක්‍රියාත්මක කිරීමක් ලෙස සළකනවා.ඉස්ලාම් ආගමේ ව්‍යාප්ත වීමත් සමග චර්ම ඡේදන සිරිතද ලොව පුරා පැතිරුණා.

 වඩා සෞම්‍යය,ජලය සුලභ කලාපයක ජීවත් වූ ග්‍රීක හා රෝම ජනතාව චර්ම ඡේදනය අනුමත කළේ නෑ.ඔවුන්ට අනුව එය ස්වභාවික මිනිස් සිරුර විකෘති කිරීමක්.ඉන්දියානු පෙරදිග ආගම් වලද සුන්නත් කිරීම ගැන සඳහනක් නෑ.

20 වන සියවසේදී නැවතත් සුන්නත් කිරීම ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රචලිත වුණා.ඊට මූලික හේතුව වුනේ ඒ කාලයේ ඉදිරිපත් වූ germ theory of disease එක​.අද වන විට ඒ theory ය එතරම් නිවැරදි නොවන බව සැළකුනත් චර්ම ඡේදන පුරුද්ද අදත් ඇමෙරිකානු පිරිමින් අතර  ප්‍රචලිතයි.


සුන්නත් කිරීම බහුලවම සිදුවන රටවල්




ඉතිරිය ඊළඟ පෝස්ට් එකෙන්...


Saturday, August 11, 2012

ගින්දර වගේ ඇඟක්...

මෑතකදී කළ සමීක්‍ෂණයකදී කාන්තාවන් ගෙන් අසා තිබුණා පිරිමියෙකුගේ සරාගී බව තීරණය කරන වැදගත්ම​ අංගය කුමක්ද කියා.ඉන් 80%ක්ම කාන්තාවන් පවසා තිබුණේ ඒ හොඳින් වැඩුනු මාංශ පේශි බවයි.20% පමණ පවසා තිබුනේ ශිෂ්ණයේ ප්‍රමාණය බවයි.


මොකද මෙච්චර පිරිමින් ගේ මාංශ පේශි සරාගී.බොහෝ දෙනා සිතන්නේ එය තවම අපේ යටි සිත් තුළ පවතින ආදි කල්පික මානවයාගේ සිතුම් පැතුම් කියලයි.

අපේ මුතුන් මිත්තන් වනාන්තර වල දඩයම් කරමින් ජීවිත රැක ගන්නා විට පිරිමින් ගේ උස හා මාංශ පේශි ඉතා වැදගත් වුනා.ඔවුන්ට තමා වැඩිම ආහාර ප්‍රමාණයක් රැස් කර ගත හැකි වූයේ.ඔවුන්ට කැමති වූ කාන්තාවන්ට තමයි දිගු කාලයක් දරුවන් හදමින් ජීවත් වීමට හැකි වූයේ.එනිසා පරිණාමය විසින් එම කැමැත්ත කාන්තා සිත් තුළ අද දක්වාම පවත්වාගෙන එනවා.
සමීක්‍ෂණ වලට අනුව අදත් කාන්තාවන් වඩාත්ම කැමති උස​,පළල් උරහිස් සහිත මාංශ පේශි හොඳින් වැඩුණු පිරිමින්ට​.ඒ කියන්නේ තවමත් යටි හිතෙන් ඔවුන් සොයන්නේ හොඳ ආදිකල්පික දඩයම් කරුවෙක්ව​.





(පිරිමින් ගත්තොත් ඔවුන් තවමත් කැමති පුළුල් උකුලක් හා පිරුණු ලැමක් ඇති කාන්තාවන්ට​.බොහෝ දෙනා හිතන විදියට ඒකට පරිණාමික හේතුව නම් එවැනි කාන්තාවන්ට තමයි අපහසුවකින් තොරව ඔහුගේ දරුවන් ප්‍රසූත කිරීමටත් ඔහුගේ දරුවන් පෝෂණය කිරීමටත් හැකි වුනේ.එමගින් මිනිස් සංහතියේ පැවැත්ම තහවුරු වුනා.)

හොඳින් වැඩුණු මාංශ පේශි සරාගී බව ඇති කරනවා විතරක් නෙවෙයි ගොඩක් ලෙඩ අඩු කරනවා.මාංශ පේශි පරිවෘත්තීය වශයෙන් ඉතා සක්‍රිය පටක​.එනිසා අනවශ්‍යය මේද හා සීනි එමගින් ඉක්මනින් දහනය කරනවා.හුඟක් ලෙඩ ඉන් අඩු වෙනවා.එනිසා මාංශ පේශි වර්ධනය කර ගත හැකි නම් ඒක අනාගතයට හොඳ ආයෝජනයක්.

කවුරුත් දන්න විදියට මාංශ පේශි වර්ධනට නම් තමන් එදිනෙදා ජීවිතයේ ආදිකල්පික දඩයම් කරුවො වගේ බර වැඩ කරන්නේ නැත්තම් ඉතින් Resistance Exercise කරන්න ඕන​.සරලව කියනවා නම් weights එක්ක exercise කරන්න ඕනෑ.ඇත්තටම මේකට වයස් සීමාවක් නෑ.

අද හුඟ දෙනෙක් මේකට උනන් දුයි.ඒකට නම් ඉතින් ප්‍රධාන හේතුව තමයි මාධ්‍යය​/TV/Films.ඒ වායේ පෙන්නන ඔක්කොම කොල්ලෝ හොඳට ඇඟ හදා ගත්ත උන්.මොනවා උනත් ඒක හොඳ trend එකක්.

ඉතින් ඇඟ හදා ගන්න කැමති අයට Tips ටිකක් මෙන්න​.

  • ඇඟ හදා ගන්න නම් exercise අනිවාර්යයි.හොඳම දේ පුළුවන් නම් gym එකකට යන එක​.හැබැයි යන වැඩේ හරියට කරන්න වෙනවා.
  • අද TV එකේ දිග Ad දදා Exercise machines විකුණනවා.ඒවායින් නම් එච්චර වැඩක් වෙන්නේ නෑ.ඒවයින් exercise ලැබෙන්නේ muscle group එකකට හෝ සීමිත ගානකට විතරයි.එවායේ ඉන්න models ලට රැවටිලා pocket එකනම් ඒවයින් අඩු වෙයි.
  • Exercise equipment ගන්න හිතනවා නම් හොඳම දේ තමයි Dumbbell දෙකක් ගන්න එක​.එයින් ඇඟේ හැම මාංශ පේශියටම exercise ලැබෙනවා.ගානත් අඩුයි,තියා ගන්නත් ලේසියි.


  •  Gym යනවනම් හරි Resistance exercise කරනවනම් හරි අනිත් දේ තමයි නිවැරදි කෑම​.මාංශ පේශි හැදෙන්න ඕන ප්‍රෝටීන්.ප්‍රෝටීන් බහුලව ඇති කෑම මතක ඇති නේද​?ඔව් ඒ තමයි මස්,මාළු,කිරි,බිත්තර හා පරිප්පු,සෝයා වගේ ඒවා.
  • ආසියාවේ ආහාර වේලක ප්‍රෝටීන් ප්‍රමාණය සාමාන්‍යයෙන් බටහිර ආහාර වේලකට වඩා හුඟක් අඩුයි.අපි වැඩිපුර කන්නෙ පිෂ්ඨය​.පිෂ්ඨය​වැඩිපුර ගත්තා කියලා මාංශ පේශි හැදෙන්නේ නෑ.වෙන්නෙ තෙල් තට්ටුව වැඩි වෙන එක විතරයි.
  • කෑමෙන් ප්‍රෝටීන් හුඟක් ගන්න බැරිනම් දැන් ප්‍රෝටීන් supplements තියෙනවා.ප්‍රෝටීන් supplement ගන්න හිතනව නම් ගන්න ඕනෙ Whey protein කියන වර්ගය​.ඒ වගේම ගන්න කලින් හොඳට කියවල බලන්න Whey protein ප්‍රතිශතය​.ප්‍රතිශතය වැඩිම එකක් තමයි ගන්න ඕනෙ.කාබෝහයිඩ්‍රේට් වැඩි supplement වලින් වැඩක් නැහැ.ඒවාගේම Vitamin හා අනෙක් supplement වලිනුත් එච්චරම වැඩක් වෙන්නේ නෑ.
  • Resistance exercise කරල පැය බාගයක් වගේ ඇතුලත supplement එකක් ගන්න පුළුවන්නම් හොඳයි.නැත්තම් චොකලට් කිරි පැකට් එකක් බොන්න​.ඒකත් හොඳ supplement එකක්.සමහරු නම් කියනවා බිත්තර හා කෙහෙල් ගෙඩි දාල බීමක් හදල බොන්න​.ඒක හොඳ supplement එකක් වුනත් බොන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ.
  •  හැබැයි කොච්චර ප්‍රෝටීන් කෑවත්,supplements ගත්තත් හරියට exercise නොකළොත් ඇඟ හැදෙන්නේ නම් නෑ.සමහර විට තෙල් තට්ටුව වැඩි වෙයි
  • සමහරු ඇඟ හදාගන්න හෝමෝන/Anabolic steroids භාවිතා කරනවා.ඒක නම් එච්චර හොඳ වැඩක් නෙවෙයි.එයින් අතුරු ආබාධ ගොඩක් ඇති වෙන්න පුලුවන්.උදාහරණ විදියට තට්ටය පෑදීම​,මද සරු බව​,වෘෂණ කුඩා වීම​,අක්මාවේ ආබාධ දක්වන්න පුළුවන්.
  • උස වැඩි කර ගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් කරන දෙයක් වැඩි විය පැමිණීමට පෙර (ඒ කියන්නේ පළමු ශුක්‍ර මෝචනයට කලින්)කරන්න වෙනවා.ඊට ටික කාලයකට පස්සේ අස්ථි වල Growth plates සවි වෙනවා.ඊට පස්සේ නම් මොකක් කළත් උස වැඩි කර ගන්න නම් බෑ.
  •  


Wednesday, June 6, 2012

රැව්ල කැපීමේදී මේ ගැනත් සිතන්න​...shaving tips

රැවුල කැපීම අප සැමදා සිදු කළත් සමහර දෙනා එය නිවැරදිව කරන පිළිවල නොදනී.එනිසා මුහුණේ සමේ නොයෙකුත් ප්‍රශ්න ඇතිවන අතර දීර්ඝ කාලීන බලපෑම් පවා ඇති විය හැක​.එනිසා පහත කරුණු ඔබ පිලිපදිනවා දැයි බලන්න​.


  • රැවුල බෑමට වඩාත් සුදුසු වන්නේ සම තෙත්වත්,මෘදුවත් ඇති අවස්ථාවකි.රැවුල් ගස් 30% පමණ ජලය උරා ගන්නා අතර එමගින් රැවුල් ගස් විශාල වීම සිදු වේ.එමගින් රැවුල් ගස් කැපී යාම පහසුවටත් තියුණුවත් සිදු වෙයි.එනිසා විශේෂයෙන්ම නෑමෙන් පසු ඒ සඳහා වඩාත් සුදුසුය​නෑම අපහසු නම් රැවුල කැපීමට පෙර නෑමට අපහසු නම්  රැවුල කැපීමට පෙර ජලයෙන් මුහුණ තෙත් කොට මිනිත්තු කිහිපයක් තබා ගැනීම සුදුසුය​.​

  • රැවුල කැපීමට Shaving Cream/foam වර්ගයක් භාවිතා කිරීම සුදුසුය​.එමගින් රේසරය හොඳින් හැසිරවීම පහසු වන අතර වඩාත් සුමුදු කැපීමක් ලබා දෙයි.ආලේප කිරීමට shaving brush පාවිච්චි කළ හැකි නම් වඩාත් සුදුසුය​.එමගින් රැවුල් ගස් කෙළින් කර ලීම සිදු කරන අතර වඩාත් සමීප කැපීමක් ලබා දෙයි.Shaving cream ආලේප කළ යුත්තේ මුහුණේ පහළ සිට උඩු අතටය​.එමගින් රැවුල් ගස් හොඳින් කෙලින් වීම සිදු වී රැවුල බෑම පහසු වෙයි.


  • හොඳ තත්වයේ තියුණු තලයක් සහිත රේසරයක් භාවිතා කරන්න​.සැබැවින්ම රැවුල කැපීමේදී රැවුල් ගස් කැපී යනවා පමණක් නොව මුහුණේ සමේ මතුපිට ස්ථරය ඉවත් වීමද සිදුවෙයි.මොට තලයක් මගින් මුහුණේ සමට හානි වීම සිදු වේ.
    එමෙන්ම මොට තලයක්/blade මගින් රැවුල කැපීම නිසි ලෙස සිදු නොවන අතරම කැපීම් හා සීරීම් ඇතිවීමේ සම්භාවිතාවයද වැඩි වේ.

  • රේසර තලය මාරු කළ යුතු කාලය තීරණය වන්නේ ඔබේ රැවුලේ ඝණකම මතය​.සාමාන්‍යයයෙන් කැපීම් 3ත් 10ත් අතර කාල සීමවකදී රේසර තලය මාරු කළ යුතුය​.අවම වශයෙන් සති දෙකකින් පසු රේසරය හෝ තලය මාරු කළ යුතුය​.ඊට පෙර තලය මොට වී ඇති බව දැනුන හොත් තලය මාරු කිරීම සුදුසුය​.

  • රැවුල කැපීම සුදුසු වන්නේ රැවුල් ගස් වැවෙන දිශාවටමය​.ඊට විරුද්ධ දිශාවට කැපීමෙන් කැපීම්,සීරීම් ඇතිවීම වැඩිවන අතර සමටද හානි සිදු වෙයි.මුහුණේ දෙපසින් අරඹා අවසානයේ නිකට හා ගෙළ පෙදෙසට පැමිණීම සුදුසුය​.එමගින් රැවුල කැපීම වඩාත් අපහසු ප්‍රදේශ වලට තෙතමනය උරා ගැනීමට වැඩි කාලයක් ලැබෙන අතර කැපීම පහසු වෙයි.

  • කැපීම් කිහිපයකින් පසු රේසරය සෝදා ගැනීමට අමතක නොකරන්න​.රැවුල කැපීම අවසාන වීමෙන් පසු රේසරය සෝදා තබන්න​.එය පිස දැමීමෙන් වළකින්න​.එමගින් රේසරය ඉක්මනින් මොට වීම සිදු වෙයි.

  •  රැවුල කැපීමේදී මුහුණේ මතු පිට ස්ථරය ඉවත්  වන අතර සම සංවේදී වෙයි.එනිසා moisturizer/ after shave lotion වර්ගයක් ආලේප කිරීම සුදුසුය​.එමගින් සමේ යහ තත්වය හොඳින් පවත්වා ගත හැක​.

Tuesday, May 8, 2012

කොන්ඩම්...

අපි හැමෝම දන්නා විදියට,කොන්ඩම් පාවිච්චි කිරීම හොඳ පවුල් සැලසුම් ක්‍රමයක් වගේම ලිංගිකව බෝවෙන රෝග වලින් බේරීමට හොඳ ක්‍රමයක්.කොන්ඩම් පහසුවෙන් මිලදී ගන්න පුලුවන් වගේම පාවිච්චි කරන්නත් පහසුයි.ඒ වුනාට කොන්ඩම් වලින් නිසි ආරක්‍ෂාව ලබා ගන්න නම් එය නිසි පරිදි පාවිච්චි කළ යුතුයි වගේම කරුණු කිහිපයක් ගැනත් හොඳින් සැළකිලිමත් විය යුතුයි.



  • කොන්ඩම් සැම විටකම සිසිල්,වියලි ස්ථානයක තබන්න​.purse/wallet තුළ condom තාවකාලිකව රඳවා ගත හැකි වුනත් දීර්ඝ කාලීනව ඒවා තුළ තබා ගැනීම සුදුසු නෑ.නිතරම තැලෙන පොඩි වන නිසා කොන්ඩමයට හානි විය හැකියි.

  • සෑම විටකම පාවිච්චියට පෙර කල් ඉකුත් වීමේ දිනය පසුවී ඇත්දැයි බලන්න​.කල් ඉකුත් වී ඇත්නම් පාවිච්චියට නුසුදුසුය​.

  • Latex /රබර් කොන්ඩම් භාවිතා කිරීමේදී ලිහිසි ද්‍රව්‍යයක්/lubricant ලෙස භාවිතා කළ යුත්තේ water based lubricants පමණි.Eg-KY Jelly.Oil based lubricants භාවිතය සුදුසු නැත​.

  • රබර්/latex අසාත්මික පිරිමින්ට latex condoms භාවිතය සුදුසු නැත​.ඔවුන් polyurothane වැනි synthetic condom වර්ගයක් පාවිච්චි කළ යුතුය​.

  • Polyurothane condom සමග ඕනෑම lubricant වර්ගයක් භාවිතා කළ හැක​.Water or Oil based.

  • ශුක්‍රාණු නාශක ද්‍රව්‍යය/spermicide අඩංගු condom භාවිතා නොකරන්න​.ඒවායින් අමතර වාසියක් අත් නොවන අතර සමහර විට ඔබට හානිකර විය හැකියි.අලුත්ම පරීක්‍ෂණ වලට අනුව ඒවායින් රෝග බෝ වීමේ අවදානම වැඩි කරයි.

  • ඔබට ශුක්‍ර මෝචනය පමා කර ගැනීමට අවශ්‍යය නම් desensitising condom වර්ගයක් පාවිච්චි කරන්න.ඒවායේ benzocaine වැනි නිර්වින්දකයක්/local anaesthetic gel සුලු වශයෙන් ඇතුළත් කර ඇත​.ඒවා ක්‍ෂණික මෝචනය පමා කිරීමට උපකාරී වෙයි. Eg.Stamina condoms

Sunday, April 29, 2012

යට ඇඳුම් ගැන දැනුවත් වෙමු.


අපි නිතරම පාවිච්චි කරන,අපේ ලගින්ම තිබෙන යට ඇඳුම් ගැන අපේ අවධානය යොමුවෙනවා අඩු වුනත් ඒ නිසාම අපිට නොයෙකුත් ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්.උදාහරණ වශයෙන් පිරිමි මඳ සරු භාවය (male subfertility)​,වෘෂණ කෝෂවල  නොයෙක් ප්‍රශ්න වගේම නොයෙකුත් ආසාදන රෝග වැරදි යට ඇඳුම් භාවිතය නිසා ඇති වෙන්න පුළුවන්



අපි මුලින්ම බලමු ඇයි අපිට යට ඇඳුම් අවශ්‍ය කියලා.

1.)දහඩිය සහ ලිංගික ස්‍රාවයන් උරාගෙන ලිංගික ප්‍රදේශ පිරිසිඳුවත්,වියලිවත් තබා ගැනීමට​.

2.)වෘෂණ කෝෂ වලට අවශ්‍ය අධාරකයක් (support) ලබා දීම​.

3.)ශිෂ්ණය ප්‍රාණවත් වීම් බාහිරට නොපෙනෙන ලෙස​ පාලනය කිරීම​.

4.)Trouser Zip මගින් ලිංගික අවයව වලට  සිදුවන අනතුරු හා ක්‍රීඩා කිරීමේදී ලිංගික අවයව වලට සිදුවන අනතුරු අවම කිරීමට උපකාරී වීම​.

5.)සමහර විට නාන ඇඳුමක් ලෙස හා සමහර විට arousing, erotic garment ලෙස භාවිතා කිරීමට​.

යට ඇඳුම් තෝරා ගැනීමේදී අපි තවත් ඉතාම වැදගත් කරුණක් මතක තබා ගත යුතුයි.එනම් ශ්‍රී ලංකාව ඝර්ම කලාපීය උශ්නාධික රටක් බවයි.ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය වගේම ආර්ද්‍රතාවයත් වැඩි නිසා මෙහි වෘෂණ වලට බලපාන උෂ්ණත්වය වගේම දහඩිය දැමීමත් වැඩියි.
එනිසා ශීත බටහිර රටවල භාවිතා කරන සමහර යට ඇඳුම් වර්ග  ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවලට සුදුසු නැහැ.එමගින් වෘෂණ කෝෂවලට බලපාන උෂ්ණත්වය වැඩි වී ශුක්‍රාණු නිෂ්පාදනය අඩපණ වී පිරිමි නිසරු භාවය ඇති වෙන්න පුලුවන්.අපේ පිරිමි මුතුන් මිත්තන් අතීතයේ භාවිතා කළ ඇඳුම් ගැන සළකා බැලුවොත් ඒවා ශ්‍රී ලංකාව වැනි රට වලට ඉතා ගැළපෙන ඇඳුම් බව පෙනී යනවා.
ඒත් අද වන විට ලංකාවේ තරුණයන් අතර මඳ සරු භාවය ඉතා සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතිනවා.වැරදි ඇඳුම් පුරුදුත් මේ සඳහා බලපා තිබෙනවා.

අද වන විට වෙළඳ පොලේ යට ඇඳුම් වර්ග සහ මාදිළි රාශියක් දැකිය හැකියි.නමුත් සුදුසු වර්ග පමණක් භාවිතා කිරීමට අප බුද්ධිමත් විය යුතුයි.
දැන් අප එක් එක් යට ඇඳුම් වර්ග ගැන සළකා බලමු.

1.Briefs







ශ්‍රී ලංකාවේ පිරිමින් කලක පටන්ම ප්‍රධාන වශයෙන්ම පාවිච්චි කරන්නේ Briefs/Bikini Breifs වර්ගයේ යට ඇඳුම්.නියම ප්‍රමිතියෙන් හා කපු රෙදිවලින් නිමවා ඇත්නම් මෙම යට ඇඳුම් වර්ගය නිතර පාවිච්චියට සුදුසු වර්ගයකි.කෙටි, සැහැල්ලු ස්වභාවය නිසා සිසිලස වැඩි අතර හොඳින් දහඩිය උරාගැනීමද සිදු කෙරෙයි.එමෙන්ම වෘෂණ වලටද හොඳ ආධාරකයක් (support) ලබා දෙන අතර ශිෂ්ණය ප්‍රාණවත් වීම්ද පිටතට නොපෙනෙන ලෙස​ පාලනය කරයි.

2.Jockstraps



ශ්රී ලංකාවේ තවත් සුලබව භාවිතාවෙන යට ඇඳුම් මාදිලියක් නම් Jockstrap/supporter වර්ගයයි.පටි ජොකා ලෙසද​,සපෝටර් ලෙසද සාමාන්‍යය ව්‍යවහාරයේදී හැඳින් වෙන්නේ මෙම වර්ගයයි.මෙහි ඇති විශේෂ වැදගත් ලක්ෂණයක් නම් වෘෂණ වලට ඉතාම හොඳ ආධාරයක් ලබා දීමයි.එනිසාම විශේෂයෙන්ම ක්රීඩා කිරීමේදී හා කාය වර්ධන ව්යායාම් කිරීමේදී වෘෂණ කෝෂවලට අවශ් අමතර ආධාරකයක් ලබා දීමට හා ආරක්ෂාවක් ලබා දීම සඳහා මෙම යට ඇඳුම් වර්ගය භාවිතා කෙරෙනවා.එමෙන්ම වෘෂණ කෝෂවල යම් යම් ප්රශ්න ඇති තරුණයන්ට මෙන්ම hernia repair වැනි සැත්කම් වලින් පසුවද මෙම යට ඇඳුම් වර්ගය පාවිච්චි කිරීමට වෛද්යවරු උපදෙස් දෙනවා.
මෙම වර්ගයේ ඇති තවත් ඉතා වැදගත් වාසියක් නම් ඉන් ඇතිවන සිසිල් ස්වභාවයයි.මෙහි ඇති කෙටි හා පිටුපස නිරාවරණය වූ ස්වභාවය නිසා හොඳින් වාතාශ්රය ලැබී දහඩිය වාෂ්ප වී සිසිල් ස්වභාවයක් ලබා දෙනවා.සිරුරට දහඩිය දමන, සිරුරේ උෂ්ණත්වය වැඩි වන ව්යායාමවලදී මෙය ඉතාම වැදගත්.
මෙහි තවත් වැදගත් වාසි නම් ඉකිලිවල දහඩිය හොඳින් උරා ගැනීම​,ශිෂ්ණය ප්රාණවත් වීම් හොඳින් පාලනය කිරීම හා සේදූ පසු ඉක්මණින් වියලීමයි.

මෙම යට ඇඳුම් වර්ගය පාවිච්චි කිරීමේදී සමහර තරුණයන් සිදු කරන වරදක් නම් වෙනත් යට ඇඳුමක් උඩින් මෙය ඇඳීම හෝ වෙනත් යට ඇඳුමක් මෙය මතින් ඇඳීමයි.supporter නිපදවා ඇත්තේ හා භාවිතා කළ යුතු වන්නේ  තනි යට ඇඳුමක් ලෙසයි.
වෙනත් ඇඳුමක් මතින් suppoter ඇඳීමෙන් නිවැරදි ආධාරකයක් වෘෂණ වලට නොලැබෙන අතර වෘෂණවල උෂ්ණත්වය ඉහළ යාමෙන් මඳ සරු භාවය ඇති විය හැක​.එමෙන්ම වෙනත් යට ඇඳුමක් supporter එක මතින් ඇඳීමෙන් ද වෘෂණවල උෂ්ණත්වය ඉහළ යාමෙන් මඳ සරු භාවය ඇති විය හැක​.
විශේෂයෙන්ම මෙම වරද සිදු වන්නේ gym යන තරුණයන් අතරයි.සවස gym භවිතා කිරීමට පෙර ඇඳුම් මාරු කිරීමේදී සාමාන්‍යයෙන් පවිච්චි කරන  Brief එක මතටම supporter එක ඇඳීම සිදු කෙරනවා.
නමුත් නිවැරදි ආරක්‍ෂිත ක්‍රමය වන්නේ  Brief එක ඉවත් කොට suppoter එක පමණක් යට ඇඳුම ලෙස ඇඳීමයි.එසේ නොමැති නම් Briefs වෙනුවට suppoter එකම සමාන්‍ය යට ඇඳුම ලෙස gym යන දිනවලට​ පමණක් හෝ එදිනෙදා භාවිතා කළ හැකියි.


 3.Thongs

අප රටේ පිරිමින් අතර එතරම් භාවිතා නොවන අනෙක් යට ඇඳුම් වර්ගය නම් Thong මාදිලියයි.විශේෂයෙන්ම මෙම වර්ගය භාවිතා වන්නේ තද, තුනී කලිසම් ඇඳීමේතදී යට ඇඳුමේ පටි/දාර පිටතට පෙනීම වැළැක්වීමටයි.විශේෂයෙන්ම පිරිමි Ballet Dancers පාවිච්චි කරන්නේ මෙම වර්ගයයි.මෑතදී පිරිමි erotic wear ලෙස මෙම වර්ගය බහුලව භාවිතා වන අතර Male strippers අතරද​​ බහුලවම භාවිතා වෙයි.

4.Tanga





මෙම Tanga මාදිළියද Briefs වර්ගයේම එකකි.මෙම වර්ගය ඉදිරි පස Jockstrap මෙන් සකසා ඇති මුත් පිටු පස සම්පූර්ණයෙන්ම ආවරණය වේ.මෙමගින් සාමාන්‍යය brief එකකට වඩා support එකක් ලැබෙන අතර සාම්ප්‍රදායික උතුරු ඉන්දියානු පිරිමි යට ඇඳුමට සමාන කමක් දක්වයි.


5.Male G strings and Erotic wear

බටහිර රටවල කාන්තාවන් මෙන්ම පිරිමින් ද ලිංගික හැසිරීමට පෙර foreplay සඳහා නොයෙක් දේ භාවිතා කරති.සිය සහකාරිය උපරිම ලෙස උද්දීපනය කිරීමට foreplay සඳහා භාවිතා වන යට ඇඳුම්ද ඒ අතර ප්‍රමුඛ තැනක් ගනී.G string වර්ගය එවැන්නකි.







මේ Sling මාදිළියෙහි ඇත්තේ ඉන වටා ඇති පටිය පමණකි.එය බයිසිකල් පැදීම වැනි ක්‍රීඩා වලදී ඉකිලි කැපීම වැළැක්වීම සඳහා නිර්මාණය වූවකි.එය Erotic wear වශයෙන්ද අද භාවිතා වෙයි.​












7.Boxerbriefs




මීට අමතරව තවත් බටහිර රටවල භාවිතා වන Long Jones,boxers,boxer briefs,compression shorts වැනි මාදිලි රැසක් ඇතත් ඒවා ශ්‍රී ලංකාව වැනි උෂ්ණධික රට වලට එතරම් සුදුසු නැත​.
මෑතදී ශ්‍රී ලංකාවේද තරමක් ප්‍රචලිත වූ boxer brief වර්ගයද එවැන්නකි.කොට කලිසම්/shorts වැනි එවැනි දෑ යට ඇඳුම් ලෙස උෂ්ණාධික පරිසරවලට එතරම් සුදුසු නැත.බොහෝ විට එවැනි දේ නිපද වෙන්නේ ශීත රට වලට පමණක් සුදුසු රෙදි වර්ග වලිනි.එමෙන්ම ඒවායින් උෂ්ණ රටවලදී වෘෂණවලට අවශ්‍ය ආධාරයක් සැපයෙන්නේද නැත.එමෙන්ම ඉකිලිවල දහඩිය උරා ගැනීමක්ද සිදු නොවේ.බොහෝ ප්‍රදේශයක් අනවශ්‍ය ලෙස ආවරණය වන නිසා උෂ්ණත්වයද අනවශ්‍ය ලෙස ඉහළ යයි.දීර්ඝ කාලීනව එවනි නුසුදුසු යට ඇඳුම් භාවිතා කිරීම නිසා මඳ සරු භාවය ඇතුලු නොයෙක් ප්‍රශ්න ඇති විය හැක​.

පොදුවේ ගත් කල හොඳින් දහඩිය උරාගන්නා කපු රෙදි වලින් නිමවූ, අප රටට ගැළපෙන මාදිළියක යට ඇඳුම් භාවිතා කළ යුතුයි.එමෙන්ම ඒවා හොඳ ප්‍රමිතියකින් නිමවා තිබීමද වැදගත්.නැතිනම් ඉකිලි තුවාල වීම වැනි ප්‍රශ්නද​,විවිධ ආසාදනද ඇති විය හැකියි.
අනෙක් වැදගත්ම කරුණ නම් තමන්ට හරියටම සරිලන ප්‍රමානය (size) තෝරා ගැනීමයි.විවිධ මාදිළි විවිධ මිමි වලට නිපදවා ඇති නිසා අනිවාර්‍යයෙන්ම ඒ පිළිබඳ සොයා බැලිය යුතුයි.


යට ඇඳුම් ඇඳීමේදී සමහර තරුණයන් කරන වරදක් නම් යට ඇඳුම උඩින් තවත් යට කලිසමක්/shorts/boxers ඇඳීමයි.මෙය ශ්‍රී ලංකාව වැනි උෂ්ණාධික රටවලට සුදුසු නෑ.එමගින් වෘෂණ වල උෂ්ණත්වය වැඩිවී නිසරු භාවය ඇති විය හැකියි.

එමෙන්ම සේදීමකින් තොරව එක් වරකට වඩා යට ඇඳුමක් ඇදීම සුදුසු නැහැ.දහඩිය​,ලිංගික ස්‍රාවයන්,මුත්‍රා බිඳිති උරගත් පසු යට ඇඳුම් විෂ බීජ වර්ධනය වීමට හොඳ මාධ්‍යයක්.එමගින් විවිධ ආසාදන රෝග ඇති විය හැකියි.එනිසා සෑම දිනකම යට ඇඳුම් සේදීමත්, හොඳින් අව්වේ දමා වේලා ගැනීමත් වැදගත්.හොඳින් වේලා නොගත හොත් විවිධ පුස් වර්ග වර්ධනය විය හැකි අතර,වරක් වර්ධනය වූ පසු ඒවා ඉවත් කිරීම ඉතා අපහසුයි.යට ඇඳුම්,විශේෂයෙන්ම තෙත රැඳෙන දාර Iron කළ හැකිනම් එය ඉතා හොඳයි.
එමෙන්ම සිරුරේ තෙත ගතිය ඇති විට,විශේෂයෙන්ම නෑමෙන් පසු ලිංගික අවයව​,ඉකිලි ප්‍රදේශ හොඳින් පිස දැමීමෙන් පසුව පමණයි යට ඇඳුම් ඇඳිය යුත්තේ.

ඇත්තෙන්ම අනෙක් ඇඳුම් වලට සාපේක්‍ෂව යට ඇඳුම් වලට අපි දක්වන අවධානය අඩුවුනත් ඇත්තටම සෞඛ්‍යය පැත්තෙන් බලනකොට යට ඇඳුම් හරිම වැදගත්.ඒ නිසා අද ඉඳන් ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න​.
ඔබට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවනම් අපට ලියන්න​.



බ්ලොග් ආවකාශයේ තිබූ තවත් දේ.....

මීයාට කූඩුවක් - (පිරිමින්ට පමණයී)
http://maathalan.blogspot.com/2012/02/mens-underwear.html?showComment=1344175071730#c9122924497204099723

Nice two Joke stories on Jocks......

පටි ජොකා
http://siragekamare.blogspot.com/2012/08/blog-post.html?showComment=1344173840835#c1154291487911113257

සයිස් එක මොකක්ද?
http://sudupoosa.blogspot.com/2011/01/blog-post.html 




Related Posts Plugin for WordPress, Blogger...