Wednesday, June 6, 2012

රැව්ල කැපීමේදී මේ ගැනත් සිතන්න​...shaving tips

රැවුල කැපීම අප සැමදා සිදු කළත් සමහර දෙනා එය නිවැරදිව කරන පිළිවල නොදනී.එනිසා මුහුණේ සමේ නොයෙකුත් ප්‍රශ්න ඇතිවන අතර දීර්ඝ කාලීන බලපෑම් පවා ඇති විය හැක​.එනිසා පහත කරුණු ඔබ පිලිපදිනවා දැයි බලන්න​.


  • රැවුල බෑමට වඩාත් සුදුසු වන්නේ සම තෙත්වත්,මෘදුවත් ඇති අවස්ථාවකි.රැවුල් ගස් 30% පමණ ජලය උරා ගන්නා අතර එමගින් රැවුල් ගස් විශාල වීම සිදු වේ.එමගින් රැවුල් ගස් කැපී යාම පහසුවටත් තියුණුවත් සිදු වෙයි.එනිසා විශේෂයෙන්ම නෑමෙන් පසු ඒ සඳහා වඩාත් සුදුසුය​නෑම අපහසු නම් රැවුල කැපීමට පෙර නෑමට අපහසු නම්  රැවුල කැපීමට පෙර ජලයෙන් මුහුණ තෙත් කොට මිනිත්තු කිහිපයක් තබා ගැනීම සුදුසුය​.​

  • රැවුල කැපීමට Shaving Cream/foam වර්ගයක් භාවිතා කිරීම සුදුසුය​.එමගින් රේසරය හොඳින් හැසිරවීම පහසු වන අතර වඩාත් සුමුදු කැපීමක් ලබා දෙයි.ආලේප කිරීමට shaving brush පාවිච්චි කළ හැකි නම් වඩාත් සුදුසුය​.එමගින් රැවුල් ගස් කෙළින් කර ලීම සිදු කරන අතර වඩාත් සමීප කැපීමක් ලබා දෙයි.Shaving cream ආලේප කළ යුත්තේ මුහුණේ පහළ සිට උඩු අතටය​.එමගින් රැවුල් ගස් හොඳින් කෙලින් වීම සිදු වී රැවුල බෑම පහසු වෙයි.


  • හොඳ තත්වයේ තියුණු තලයක් සහිත රේසරයක් භාවිතා කරන්න​.සැබැවින්ම රැවුල කැපීමේදී රැවුල් ගස් කැපී යනවා පමණක් නොව මුහුණේ සමේ මතුපිට ස්ථරය ඉවත් වීමද සිදුවෙයි.මොට තලයක් මගින් මුහුණේ සමට හානි වීම සිදු වේ.
    එමෙන්ම මොට තලයක්/blade මගින් රැවුල කැපීම නිසි ලෙස සිදු නොවන අතරම කැපීම් හා සීරීම් ඇතිවීමේ සම්භාවිතාවයද වැඩි වේ.

  • රේසර තලය මාරු කළ යුතු කාලය තීරණය වන්නේ ඔබේ රැවුලේ ඝණකම මතය​.සාමාන්‍යයයෙන් කැපීම් 3ත් 10ත් අතර කාල සීමවකදී රේසර තලය මාරු කළ යුතුය​.අවම වශයෙන් සති දෙකකින් පසු රේසරය හෝ තලය මාරු කළ යුතුය​.ඊට පෙර තලය මොට වී ඇති බව දැනුන හොත් තලය මාරු කිරීම සුදුසුය​.

  • රැවුල කැපීම සුදුසු වන්නේ රැවුල් ගස් වැවෙන දිශාවටමය​.ඊට විරුද්ධ දිශාවට කැපීමෙන් කැපීම්,සීරීම් ඇතිවීම වැඩිවන අතර සමටද හානි සිදු වෙයි.මුහුණේ දෙපසින් අරඹා අවසානයේ නිකට හා ගෙළ පෙදෙසට පැමිණීම සුදුසුය​.එමගින් රැවුල කැපීම වඩාත් අපහසු ප්‍රදේශ වලට තෙතමනය උරා ගැනීමට වැඩි කාලයක් ලැබෙන අතර කැපීම පහසු වෙයි.

  • කැපීම් කිහිපයකින් පසු රේසරය සෝදා ගැනීමට අමතක නොකරන්න​.රැවුල කැපීම අවසාන වීමෙන් පසු රේසරය සෝදා තබන්න​.එය පිස දැමීමෙන් වළකින්න​.එමගින් රේසරය ඉක්මනින් මොට වීම සිදු වෙයි.

  •  රැවුල කැපීමේදී මුහුණේ මතු පිට ස්ථරය ඉවත්  වන අතර සම සංවේදී වෙයි.එනිසා moisturizer/ after shave lotion වර්ගයක් ආලේප කිරීම සුදුසුය​.එමගින් සමේ යහ තත්වය හොඳින් පවත්වා ගත හැක​.

13 comments:

  1. මම නම් දිනපතා රැවුල බෑම කරන්නෙ නෑ. කොහොමටත් නාන වෙලාවක තමයි ඕක කරන්නෙ. කියල තියෙන දේවළුත් ඒ විදියටම කෙරෙනව සාමාන්‍යයෙන්. මම තව කෙහේදි හරි කියෙව්ව රැවුල කැපීමට පෙර හැකි නම් රේසරය අයිස් වතුරෙ දාල තියන්න වගේ කතාවක්. ඒකෙ මොකුත් විශේෂත්වයක් තියෙනව ද?

    ReplyDelete
    Replies
    1. දවස් කීපයකට සැරයක් රැව්ල බෑම දැන් අලුත්ම විලාසිතාවක්.කියන්නේ ඒකටයි.ඒ කියන්නේ රැව්ල යාන්තමින් වැවීම​.මුහුණ මහත අයට වගේම ළදරු මුහුණු තියෙන අයටත් හොඳ පෙනුමක් ගන්න වඩාත් සුදුසු ක්‍රමයක් ඒක​.
      අනික සල්ලිත් ඉතුරු වෙනවනේ.
      අයිස් වතුර භාවිතය ගැන මාත් අසා තිබුනත් එහි විද්‍යාත්මක පසුබිම මට නම් පැහැදිළි නෑ.

      Delete
    2. Five o clock shadow කියන්නේ ඒකටයි.

      Delete
    3. ආ .... ඔය ගැන මීට අවුරුදු දෙකකට විතර කලින් කියෙව්ව ලිපියක මතකෙන් මම කිව්වෙ රේසරේ අයිස්වල දාන කතාව. මෙන්න ඒ ලිපියට ලින්ක් එක.

      http://gentsfashionlk.blogspot.com/2010/03/blog-post_07.html

      Delete
    4. ඒ ලිපියෙත් ඊට හේතුවක් දක්වලා නෑ නේද​?

      Delete
  2. රැවුල ආප ුකාලෙක බලන්න ඕනි බ්ලොග් පෝස්ට් එකක්...

    ReplyDelete
    Replies
    1. එතකොටවත් බලමුකො එහෙනම්

      Delete
  3. ඔය කොච්චර කිව්වත් ‍රැවුල වැවෙන පැත්තට විරුද්ධ පැත්තට (against the grain) කපන්න එපා කියලා, දුශ්‍යන්ත, එහෙම කැපුවම ‍රැවුල කැපෙන්නෙ නෑ.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ඒක නම් ටිකක් පුදුම සිද්ධියක්.සමහර විට ඔබ ඉතා සිනිදු මට්ටමේ කැපීමක් බලාපොරොත්තු වෙනවා ඇති.රේසරයත් හොඳ නම් දෙවරක් රැවුල කැපීමෙන්
      වඩා සිනිදු කැපීමක් ලබා ගත හැකියි.

      Delete
  4. මමත් හැමදාම නම් රැවුල කපන්නේ නැහැ. සතියකට වතාවක් විතර තමා රැවුල කපන්නේ. කොහොම නමුත් වටිනා කියන තොරතුරු කීපයක් ස්තුතියි බෙදා ගත්තාට :)

    ReplyDelete
  5. Rawla halenawa kiyala mokak hari ledak thiyenwad? Mage yaluwekge kalin muune hodata rawla thibuna eth dan adui

    ReplyDelete
  6. Rawla halenawa kiyala mokak hari ledak thiyenwad? Mage yaluwekge kalin muune hodata rawla thibuna eth dan adui

    ReplyDelete
  7. හැම තිසසෙම රැවුල කැපුවම ඉක්මනඑ රැවුල වවාගන්න පුලුවන්ද

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...