Saturday, August 11, 2012

ගින්දර වගේ ඇඟක්...

මෑතකදී කළ සමීක්‍ෂණයකදී කාන්තාවන් ගෙන් අසා තිබුණා පිරිමියෙකුගේ සරාගී බව තීරණය කරන වැදගත්ම​ අංගය කුමක්ද කියා.ඉන් 80%ක්ම කාන්තාවන් පවසා තිබුණේ ඒ හොඳින් වැඩුනු මාංශ පේශි බවයි.20% පමණ පවසා තිබුනේ ශිෂ්ණයේ ප්‍රමාණය බවයි.


මොකද මෙච්චර පිරිමින් ගේ මාංශ පේශි සරාගී.බොහෝ දෙනා සිතන්නේ එය තවම අපේ යටි සිත් තුළ පවතින ආදි කල්පික මානවයාගේ සිතුම් පැතුම් කියලයි.

අපේ මුතුන් මිත්තන් වනාන්තර වල දඩයම් කරමින් ජීවිත රැක ගන්නා විට පිරිමින් ගේ උස හා මාංශ පේශි ඉතා වැදගත් වුනා.ඔවුන්ට තමා වැඩිම ආහාර ප්‍රමාණයක් රැස් කර ගත හැකි වූයේ.ඔවුන්ට කැමති වූ කාන්තාවන්ට තමයි දිගු කාලයක් දරුවන් හදමින් ජීවත් වීමට හැකි වූයේ.එනිසා පරිණාමය විසින් එම කැමැත්ත කාන්තා සිත් තුළ අද දක්වාම පවත්වාගෙන එනවා.
සමීක්‍ෂණ වලට අනුව අදත් කාන්තාවන් වඩාත්ම කැමති උස​,පළල් උරහිස් සහිත මාංශ පේශි හොඳින් වැඩුණු පිරිමින්ට​.ඒ කියන්නේ තවමත් යටි හිතෙන් ඔවුන් සොයන්නේ හොඳ ආදිකල්පික දඩයම් කරුවෙක්ව​.





(පිරිමින් ගත්තොත් ඔවුන් තවමත් කැමති පුළුල් උකුලක් හා පිරුණු ලැමක් ඇති කාන්තාවන්ට​.බොහෝ දෙනා හිතන විදියට ඒකට පරිණාමික හේතුව නම් එවැනි කාන්තාවන්ට තමයි අපහසුවකින් තොරව ඔහුගේ දරුවන් ප්‍රසූත කිරීමටත් ඔහුගේ දරුවන් පෝෂණය කිරීමටත් හැකි වුනේ.එමගින් මිනිස් සංහතියේ පැවැත්ම තහවුරු වුනා.)

හොඳින් වැඩුණු මාංශ පේශි සරාගී බව ඇති කරනවා විතරක් නෙවෙයි ගොඩක් ලෙඩ අඩු කරනවා.මාංශ පේශි පරිවෘත්තීය වශයෙන් ඉතා සක්‍රිය පටක​.එනිසා අනවශ්‍යය මේද හා සීනි එමගින් ඉක්මනින් දහනය කරනවා.හුඟක් ලෙඩ ඉන් අඩු වෙනවා.එනිසා මාංශ පේශි වර්ධනය කර ගත හැකි නම් ඒක අනාගතයට හොඳ ආයෝජනයක්.

කවුරුත් දන්න විදියට මාංශ පේශි වර්ධනට නම් තමන් එදිනෙදා ජීවිතයේ ආදිකල්පික දඩයම් කරුවො වගේ බර වැඩ කරන්නේ නැත්තම් ඉතින් Resistance Exercise කරන්න ඕන​.සරලව කියනවා නම් weights එක්ක exercise කරන්න ඕනෑ.ඇත්තටම මේකට වයස් සීමාවක් නෑ.

අද හුඟ දෙනෙක් මේකට උනන් දුයි.ඒකට නම් ඉතින් ප්‍රධාන හේතුව තමයි මාධ්‍යය​/TV/Films.ඒ වායේ පෙන්නන ඔක්කොම කොල්ලෝ හොඳට ඇඟ හදා ගත්ත උන්.මොනවා උනත් ඒක හොඳ trend එකක්.

ඉතින් ඇඟ හදා ගන්න කැමති අයට Tips ටිකක් මෙන්න​.

  • ඇඟ හදා ගන්න නම් exercise අනිවාර්යයි.හොඳම දේ පුළුවන් නම් gym එකකට යන එක​.හැබැයි යන වැඩේ හරියට කරන්න වෙනවා.
  • අද TV එකේ දිග Ad දදා Exercise machines විකුණනවා.ඒවායින් නම් එච්චර වැඩක් වෙන්නේ නෑ.ඒවයින් exercise ලැබෙන්නේ muscle group එකකට හෝ සීමිත ගානකට විතරයි.එවායේ ඉන්න models ලට රැවටිලා pocket එකනම් ඒවයින් අඩු වෙයි.
  • Exercise equipment ගන්න හිතනවා නම් හොඳම දේ තමයි Dumbbell දෙකක් ගන්න එක​.එයින් ඇඟේ හැම මාංශ පේශියටම exercise ලැබෙනවා.ගානත් අඩුයි,තියා ගන්නත් ලේසියි.


  •  Gym යනවනම් හරි Resistance exercise කරනවනම් හරි අනිත් දේ තමයි නිවැරදි කෑම​.මාංශ පේශි හැදෙන්න ඕන ප්‍රෝටීන්.ප්‍රෝටීන් බහුලව ඇති කෑම මතක ඇති නේද​?ඔව් ඒ තමයි මස්,මාළු,කිරි,බිත්තර හා පරිප්පු,සෝයා වගේ ඒවා.
  • ආසියාවේ ආහාර වේලක ප්‍රෝටීන් ප්‍රමාණය සාමාන්‍යයෙන් බටහිර ආහාර වේලකට වඩා හුඟක් අඩුයි.අපි වැඩිපුර කන්නෙ පිෂ්ඨය​.පිෂ්ඨය​වැඩිපුර ගත්තා කියලා මාංශ පේශි හැදෙන්නේ නෑ.වෙන්නෙ තෙල් තට්ටුව වැඩි වෙන එක විතරයි.
  • කෑමෙන් ප්‍රෝටීන් හුඟක් ගන්න බැරිනම් දැන් ප්‍රෝටීන් supplements තියෙනවා.ප්‍රෝටීන් supplement ගන්න හිතනව නම් ගන්න ඕනෙ Whey protein කියන වර්ගය​.ඒ වගේම ගන්න කලින් හොඳට කියවල බලන්න Whey protein ප්‍රතිශතය​.ප්‍රතිශතය වැඩිම එකක් තමයි ගන්න ඕනෙ.කාබෝහයිඩ්‍රේට් වැඩි supplement වලින් වැඩක් නැහැ.ඒවාගේම Vitamin හා අනෙක් supplement වලිනුත් එච්චරම වැඩක් වෙන්නේ නෑ.
  • Resistance exercise කරල පැය බාගයක් වගේ ඇතුලත supplement එකක් ගන්න පුළුවන්නම් හොඳයි.නැත්තම් චොකලට් කිරි පැකට් එකක් බොන්න​.ඒකත් හොඳ supplement එකක්.සමහරු නම් කියනවා බිත්තර හා කෙහෙල් ගෙඩි දාල බීමක් හදල බොන්න​.ඒක හොඳ supplement එකක් වුනත් බොන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ.
  •  හැබැයි කොච්චර ප්‍රෝටීන් කෑවත්,supplements ගත්තත් හරියට exercise නොකළොත් ඇඟ හැදෙන්නේ නම් නෑ.සමහර විට තෙල් තට්ටුව වැඩි වෙයි
  • සමහරු ඇඟ හදාගන්න හෝමෝන/Anabolic steroids භාවිතා කරනවා.ඒක නම් එච්චර හොඳ වැඩක් නෙවෙයි.එයින් අතුරු ආබාධ ගොඩක් ඇති වෙන්න පුලුවන්.උදාහරණ විදියට තට්ටය පෑදීම​,මද සරු බව​,වෘෂණ කුඩා වීම​,අක්මාවේ ආබාධ දක්වන්න පුළුවන්.
  • උස වැඩි කර ගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් කරන දෙයක් වැඩි විය පැමිණීමට පෙර (ඒ කියන්නේ පළමු ශුක්‍ර මෝචනයට කලින්)කරන්න වෙනවා.ඊට ටික කාලයකට පස්සේ අස්ථි වල Growth plates සවි වෙනවා.ඊට පස්සේ නම් මොකක් කළත් උස වැඩි කර ගන්න නම් බෑ.
  •  


13 comments:

  1. ගින්දර වගේ ඇඟක් නම් ඉතිං තිබුණ නම් හොඳයි. ඒත් ඉතිං ඒ වෙනුවෙන් එච්චර මහන්සි වෙන්න වෙන්නෙ නම් නෑ.

    ReplyDelete
    Replies
    1. "No pain, No Gain"කියලා කියමනක් තියෙනවනේ.
      හැබැයි ඉතින් "Contentment is Bliss" කියලා කියමනකුත් තියෙනවා.

      Delete
  2. නියම ලිපිය මගේ ආම් දෙකනම් දැන් ලස්සනට හැදීගෙන එනවා :)

    ReplyDelete
    Replies
    1. ආහා සුබ පැතුම් යාලුවා...

      Delete
  3. කායවර්ධනය ගැන ඔබ ලියා ඇති ලිපිය ඉතා අනර්ඝයි. එසේම එය සිදුකළ යුතු ආකාරය, Suppliments ආදිය වගේම ආහාර පිළිවෙත සම්බන්ධයෙනුත් ඔබ දක්වා ඇති කරුණු 100% ක් ම නිවැරදියි.

    මෙම කොමෙන්ටුව පළ කරන මම, කායවර්ධනය ක්‍රීඩාවක් වශයෙන් හදාරන, 24 හැවිරිදි තරුණයෙක්. මම අසා තිබෙන එක් කරුණක් ගැන ඔබෙන් විමසන්නට සිතුණේ මේ පොස්ටුවෙන් ඔබ ඉදිරිපත් කර ඇති කරුණු වල නිවැරදිභාවය පිළිබඳව ඇතිවූ පැහැදීම හා විශ්වාසය නිසාමයි.

    කායවර්ධනයේ දී කොණ්ඩය ඉතා කොටට කැපිය යුතු බවත්, ශරීරයේ රෝම සම්පූර්ණයෙන් ඉවත් කළයුතු බවටත් මා අසා තිබෙනවා. එයට හේතු ලෙස මා දැනගත්තේ හිසකෙස් හා රෝම වැඩීම සඳහාත් අප ගන්නා පෝෂණයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වැයවීමත්, එනිසා ශරීරයේ වැඩීම (මාංශපේශී වර්ධනය) අඩාල වන බවත්. මේ හේතුව නිසාම මම ද ඒ ආකාරයෙන්ම ඉතා කොටට කොණ්ඩය කපන අතර, රැවුල ඇතුළුව කිහිලි, පපුව, අත්/පා ආදි ස්ථානවල සියලු රෝම කපා ඉවත් කිරීම ද සිදුකරනවා. මා සමඟ එක්ව මෙම ක්‍රීඩාව කරන මිතුරන් සිව් දෙනෙක් සිටින අතර, ඔවුන් ද ඒ ආකාරයෙන් ම එම කටයුත්ත සිදුකරනවා. නමුත් මෙය මට මහත් මානසික වධයක් නිසා (විශේෂයෙන් කොණ්ඩය කොටට කැපීම) මේ සම්බන්ධව ඔබගේ මතය විමසන්නට සිතුණා. ඔබගේ අදහස් යොමුකරන්නේ නම් එය ඉතා අගය කොට සලකනවා.

    ReplyDelete
    Replies
    1. First of all sorry for the Delay

      එහි නම් විද්‍යාත්මක පදනමක් ඇතැයි සිතන්න අමාරුයි.
      මොකද රෝම හෝ හිස කෙස් කොටට කැපුවා කියා ඒවා වර්ධනය වන වේගයේ අඩුවක් වෙන්නේ නෑ.අපි කපන තරමට අලුතින් වැවෙනවා.
      අනික් දේ නම් හිස කෙස් හෝ රෝම වැවීමට අපේ සිරුර එතරම් ශක්තියක් අනවශ්‍ය ලෙස වැය කරන්නේ නෑ.අනික් අවශ්‍යතා සඳහා ප්‍රමුඛත්වයක් ලබා දීම කොහොමත් සිදු කරනවා.
      ඒත් ඔබ කාය වර්ධනය ක්‍රීඩාවක් ලෙස කරනවා නම් සිරුරේ රෝම ඉවත් කිරීම මගින් වර්ධනය වී ඇති මාංශ පේශි වලට හොඳ කැපී පෙනීමක් ලබා දෙනවා.ඒක නිසා බොහොමයක් bodybuildersලා අනිවාර්‍යයෙන්ම වගේ සිරුරේ රෝම ඉවත් කිරීම සිදු කරනවා.

      Delete
    2. machan mama adi 6k usai a wagema 64kg barai,mage bara 75k wath thiyenna one,mata mona wage suppliment 1k hari yanawada,whey protine or derious mass,me deken mokakda hari yanne,

      Delete
  4. mama tikak kettui,gym 1ta gihilla dan masa 8 withara,api suppliment gannawanam ganna one whey protien supplimentda nathnam wheight gainer supplimentda,whey protien ake gold stand 1 hodaida,nathnam whight gainer ake mokakda hoda suppliment 1?

    ReplyDelete
    Replies
    1. machn suppliment ghpn,uba yana gym eke coach gen ahapn gnna honda eka,,eka eka kena kiyana eka gaththata hariynne na,coacch genma ahpn coach kyana ekka gnin

      Delete
  5. mchhn math gym ynwa,mta yluwek kiwa api gym gihin hdagnna ewa arms wla ewa ehma api sun(අවුවට) wadunama aye bahinwa kiyala eka aththada? අවුවට wdunama mokak hri wenawd?

    ReplyDelete
  6. Work out එකෙන් පස්සෙ අැල් වතුර නෑවට කමක් නැද්ද?

    ReplyDelete
  7. Man kaya wardanaya gana godak unandui. Man jim ekakata gihin thiyanne uparima masayai. Karyabahula bawai,velawai nisa miss venawa. Mata gedara indan karanawanam hondama exercise monawada.ganna ona kama monawada. Poddak thawa visthara karala denna puluwanda.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...