Sunday, August 19, 2012

සුන්නත් කිරීම​ / Circumcision 2

සුන්නත් කිරීම හෙවත් චර්ම ඡේදනය යනු ශිෂ්නයේ පෙර සම කපා ඉවත් කිරීමයි.සුන්නත් කිරීමේ ඉතිහාසය ගැන කළින් පෝස්ටුවෙන් කියෙව්වා මතක ඇතිනේ.
අද තවත් කොටසක්








පුරුෂ සුන්නත් කිරීමේ වාසි සහ අවාසි දෙවර්ගයම තියෙනවා.



අවාසි
  • මූලිකම ප්‍රශ්නය තමයි එම ක්‍රියාවලියේදී ඇති විය හැකි සංකූලතා.විශේෂයෙන්ම නුපුරුදු අය විසින් මෙම සැත්කම කිරීමේදී අධික රුධිර වහනය,තුවාල පැසවීම​,ඒ ආශ්‍රිත පටක මිය යෑම වැනි ප්‍රශ්න ඇති විය හැකියි.වර්තමානයේදී නම් පිළිගත් රෝහල් වල සුන්නත් කිරීමේදී මෙවැනි ප්‍රශ්න ඉතා අඩුයි.
  • අනෙක් ප්‍රධානම ප්‍රශ්නය නම් වේදනාවයි.සාම්ප්‍රදායික සුන්නත් කිරීමේදී නිර්වින්ඳක භාවිතා කිරීමක් නෑ.එවැනි අති සංවේදී ස්ථානයක නිර්වින් දක නොමැතිව කැපීම් සිදු කරද්දී ඇතිවන තත්වය හිතා ගන්න පුළුවන්නේ....රෝහල් වල නම් සුන්නත් කිරීම සිදු කරන්නේ හිරි වැටීමට බෙහෙත් විදලා.
  • චර්ම ඡේදනය කළ විට ශිෂ්නයේ ඉතාම සංවේදී කොටස වන ශිෂ්න මුණ්ඩය කෙළින්ම බාහිර පරිසරයට නිරාවරණය වෙනවා.එනිසා නිතරම ඇඳුම් වල ඇතිල්ලීම නිසා එහි සංවේදීතාවය අඩු වී යා හැකියි. 
වාසි
  • ප්‍රධානම වාසිය තමයි ඉතින් පිරිසිදු බව වැඩි වීම​.ලිංගික ස්‍රාවයනුත්,සමෙන් හැලෙන ෛසලත් පෙරසම අතර එකතු වෙනවා.මෙසේ සෑදෙන ද්‍රව්‍යය smegma ලෙස හැඳින් වෙනවා.නිතරම සේදුවේ නැතිනම් මේවා රෝග කාරකයින්ට හොඳ මාධ්‍යයක්.ජලය අඩු කාන්තාර පෙදෙස් වල මේ සුන්නත් කිරීම ප්‍රචලිත වෙන්න මෙය​ මූලික හේතුවත් එය ලෙස සැළකෙනවා.(විශේෂයෙන්ම කාන්තාර වැලි පෙර සම ඇතුළට ගිය විටත් ජලයත් බහුලව නැති ඔවුන්ට එය ලොකු ප්‍රශ්නයක් වූවා.)
මෙම smegma එකතු නොවීම කීප ආකාරයකින්ම වැදගත්.
  • එමගින් ශිෂ්නයේ ඇතිවන පිළිකා අඩු වෙනවා.(ශිෂ්න පිළිකා කොහොමත් දුලබ පිළිකා වර්ගයක්)
  • එමෙන්ම  HIV, HPV, HSV වැනි  ෛවරස ආසාදන පැතිරීමත් යම් තරමකින් අඩු වෙනවා.(හැබැයි අවදානම නැති වෙන්නේ නම් නෑ.)
  • මුත්‍රා ආසාදන අඩු වන බව සමහරුන් පවසනවා.



 කාන්තා සුන්නත් කිරීම​.

කාන්තාවන් සුන්නත් කිරීම සමහර මුස්ලිම් රටවල සහ සමහර අප්‍රිකානු රටවල සිදු කෙරෙනවා.එහිදී ඔවුන් ගේ භගමනිය​/අභිශිෂ්නිකාව​/clitoris කපා දැමෙනවා.එමෙන්ම යෝනි මාර්ගයද කුඩා සිදුරක් පමණක් ඉතිරි වන සේ මසා දැමෙනවා.
මෙමගින් කාන්තාවන් ගේ ලිංගික ආශාව අඩු කිරීමද​,ස්වයං වින්දනයේ යෙදීමද,විවාහයට පෙර ලිංගික සබඳ කම් නවතා දැමීමද,ස්වාමියාට වැඩි සතුටක් ලබා දීමද​ අරමුණු වෙනවා.මේ සමාජ වල සුන්නත් නොකෙරුණු ස්ත්‍රීන් සැළකෙන්නේ පහත් ලෙසටයි.


 බොහෝ විට නොපුහුණු කාන්තාවන් විසින් නොමනා තත්ව යටතේ මෙම සුන්නත් කිරීම් සිදු කෙරෙනවා.මෙනිසා ඇතිවන සෞඛ්‍යය ප්‍රශ්න බොහෝයි.
අධික රුධිර වහනය​,ආසාදන තත්ව​,දරු ප්‍රසූතියේදී ඇති වන ප්‍රශ්න,ලිංගික අකර්මන්‍යය තාවය ඉන් කිහිපයක්.එනිසා කාන්තා සුන්නත් කිරීම බොහෝ සංවිධාන හෙළා දකිනවා.

 වාරිස් ඩයිරි නම් සෝමාලියානු ජාතික​ මෝස්තර නිරූපිකාව තම ළමා කාලයේ මුහුණ දුන් මෙම කටුක​,අමිහිරි අත්දැකීම සිය Desert flower චරිතාපදාන​ ග්‍රන්ථයේ මැනවින් විස්තර කර තිබෙනවා.මෙය "කාන්තාරයේ කුසුම" නමින් සිංහලටත් පරිවර්තනය වූවා.
(සෝමාලියානු සාම්ප්‍රදායික එඬේර​ ගෝත්‍රික කෙල්ලක ලෙස උපත ලබන ඇය පසුව රටින් පලා ගොස් යුරෝපයේදී මොස්තර නිරූපිකාවක් බවට පත්වූවා.)

 ඉතිරිය ඉදිරි පෝස්ටුවෙන්...

4 comments:

  1. සෞදි රජ පවුලට සම්බන්ධ කුමරියකගෙ සත්‍ය අත්දැකීම් ඇසුරින් Jean P. Sasson ලියූ Desert Royal පොත චිත්‍රා අයි. පෙරේරා සිංහලට නගල තියෙනව කාණ්ඩ තුනක් විදියට. කූඩු කිරිල්ලි, අරාබි දියණියෝ, වැලි කතරේ කුමාරි කියල. ඔය අරාබි සමාජයෙ නිරුවත හරි අපූරුවට විග්‍රහ වෙනව. ඒකෙත් ඔය ස්ත්‍රී චර්ම ඡේදනය හා ඒකට විරුද්ධව ඇය ක්‍රියා කරපු හැටි ගැන විස්තරයකුත් තියෙනව. අනෙක ඇය අන්තඃපුරයකින් ගලවා ගන්නා වයසක නපුංසකයෙක් විසින් ඔහුගෙ අතීතය ගැන කියන කතාව. ඒ අනුව අතීතයෙදි කාන්තාර ගෝත්‍රිකයොන්ගෙන් පැහැර ගන්න ළමයි නපුංසක බවට පත් කරල වහල්ලු විදියට අන්තඃපුර තියෙන සුල්තාන්ලට විකුණනව. නරකම දේ ඔය වැඩේ කරපු හැටි. බොහෝ දෙනෙක් මියගිහින්. ඔය අරාබි සල්ලිකාරයොන්ගෙ විකාර ජීවිත ගැන මම කියවපු හොඳම පොත් තුන කියල කියන්න පුළුවන්.
    ඔබ කියූ පොත් දෙක නම් කියවල නෑ. බලමු හොයාගෙන කියවන්න පුළුවන් වෙයිද කියල. දැනුවත් කිරීම වෙනුවෙන්, ස්තූතියි ඔබට.

    ReplyDelete
    Replies
    1. ඔබේ දැනුවත් කිරීමට බොහොම ස්තුතියි...
      ඇත්තටම අද වගේ දියුණු ලෝකෙක තාමත් මේවා සිදු වෙනවා කියලා හිතන්නත් අමාරුයි.මමත් ඔබ කියපු පොත් කියවලා නෑ.කියවලා බලන්න ඕනෑ.

      Delete
  2. mema sethkama kara genima sadaha hamuviya yuththe kumana wargaye doctor kenekda

    ReplyDelete
    Replies
    1. Surgeon kenek ho urologist kenek

      Delete

Related Posts Plugin for WordPress, Blogger...