Friday, August 17, 2012

සුන්නත් කිරීම​ / Circumcision 1

සුන්නත් කිරීම හෙවත් චර්ම ඡේදනය යනු ශිෂ්නයේ පෙර සම කපා ඉවත් කිරීමයි.සුන්නත් කිරීම කිව් සැනින් අපේ මතකයට නැගෙන්නේ මුස්ලිම් පිරිමින්.නමුත් මෙම පුරුද්ද මුස්ලිම් වරුන්ට පමනක් සීමා වූවක් නොවේ.

සුන්නත් කිරීම ලොව පැරණිම සැත්කම ලෙසත් සමහර දෙනා සළකනවා.
සුන්නත් කිරීම ගැන දැනට ලැබී ඇති වාර්තා ක්‍රිස්තු පූර්ව 2345–2181(2345–2181 BC) පමණ ඉතා ඈත අතීතයකට දිව යනවා.මෙම සිරිත ගැන මුල්ම වාර්තා හමු වන්නේ ඊජිප්තුවෙන්.පුරාණ මිසර ශිෂ්ටාචාරයේ මෙම සිරිත දරුවෙක් නව යොවුන් වියේදී තරුණයෙක් කිරීමේ සිරිතක් ලෙස උත්සවාකාරයෙන් සමරනු ලැබුවා.බොහෝ විට මෙවැනි උත්සවයකදී සාමූහික සුන්නත් කිරීම් තමයි සිදු කරනු ලැබුවේ.

සුන්නත් කිරීමේ උත්සවයක් දැක්වෙන පුරාණ මිසර චිත්‍රයක් from the Tomb of Ank-Mahor 2340 BC.

අදත් අප්‍රිකාවේ සමහර ගෝත්‍ර සුන්නත් කිරීම තරුණ බවට පැමිණීමේ චාරිත්‍රයක් ලෙස උත්සාකාරව සමරනවා.එහිදී නව තරුණයන්, ප්‍රසිද්ධියේ උත්සව සභාව මැද චර්ම ඡේදනයට ලක් කෙරෙනවා.එහිදී ඔවුන් වේදනාව දරා ගෙන නිසොල්මන්ව සිටිය යුතු අතර එය වැඩිහිටියෙකු වීමේ ලක්‍ෂනයක් ලෙස සැලකෙනවා.
ඇතැම් ගෝත්‍ර වල ඉවත් කෙරෙන සම් කබැල්ල අනුභව කිරීමද සිදු වෙනවා.





ඉතා ඈත අතීතයේ පටන් කාන්තාර ආශ්‍රිතව ජීවත් වූ මැද පෙරදිග ජනයා පිරිමි චර්ම ඡේදනය සිදු කළා.බොහෝ දෙනා සිතනුයේ මෙය කාන්තාර වියළි දේශගුණය නිසා පුරුදු වූ දෙයක් බවයි.නිතර වැලි කුණාටු පවතින කාන්තාරයේ වැලි පෙර සම අතරට ගිය විට පිරිමින්ට බොහෝ අපහසුතාවයන්ට මුහුණ පාන්න සිදු වුනා.ඒවා නිතර සෝදා ගැනීමට ජල පහසුකම්ද බොහෝ කාන්තාර වාසීන්ට තිබුණේ නෑ.එනිසා කාන්තාර ආශ්‍රිතව ජීවත් වූ ජනයා මෙම පුරුද්ද ඇති කර ගන්නට ඇති බව සැළකෙනවා.පසුව කාන්තාර ආශ්‍රිතව බිහිවූ ආගම් වලින් ද මෙම පුරුද්ද අනුමත කෙරුණා.

ඒබ්‍රහමික ආගම් වල පරණ තෙස්තමේන්තුවේ දෙවියන් වහන්සේ උදෙසා සුන්නත් කිරීම ගැන සඳහන් වෙනවා.ඒබ්‍රහමික ආගම්/Abrahamic religions යනු ඒබ්‍රහම්/Abraham නම් ආදි නායකයා පිළිබඳව විශ්වාස කරන ආගම්.(මා වැරදි නම් නිවැරදි කරත්වා).යුදෙව් ආගම​(Judaism),ක්‍රිතුණු ලබ්ධිය(Christianity) හා ඉස්ලාම් ආගම(Islam) මේ ඒබ්‍රහමික ආගම්/Abrahamic religions යටතට අයත්.
පැරණි ලියවිල්ලට අනුව දෙවියන් විසින්, ඒබ්‍රහම් හා ඔහුගෙන් පැවතෙන සියළු පිරිමි දරුවන් චර්ම ඡේදනය කිරීමට උපදෙස් දුන් බව පැවසෙනවා.

 ඒ අනුව යමින් අදත් යුදෙව් ජාතිකයින් පිරිමි දරුවකු ඉපදී 8වන දිනයේදී සුන්නත් කිරීම සිදු කරනවා.
 යුදෙව්වෙක් ලෙස ඉපදුණු ජේසුතුමන් ද 8 වන දිනයේදී චර්ම ඡේදනයට ලක් කළ බව පැවසේ.සාම්ප්‍රදායිකව මෙම දිනය ජනවාරි 1 වනදා ලෙස සැළකෙන අතර සමහර කිතුණු කොටස් මෙම චර්ම ඡේදන මංගල්‍යය සමරනවා.එහෙත් සාමාන්‍යයෙන් කිතුණු ආගම සුන්නත් කිරීම අනුමත කරන්නේ නෑ.

Circumcision of Christ, fresco from the Preobrazhenski Monastery, Bulgaria


ඉන් පසුව බිහිවූ ඉස්ලාම් ආගමේත් සුන්නත් කිරීම අනුමත කෙරුනා.එහි අවශ්‍යයතාවය හදිත්/Hadith වල දැක්වෙනවා.සමහරු මෙය දෙවියන් විසින් ඒබ්‍රහම්ට දුන් අණ ක්‍රියාත්මක කිරීමක් ලෙස සළකනවා.ඉස්ලාම් ආගමේ ව්‍යාප්ත වීමත් සමග චර්ම ඡේදන සිරිතද ලොව පුරා පැතිරුණා.

 වඩා සෞම්‍යය,ජලය සුලභ කලාපයක ජීවත් වූ ග්‍රීක හා රෝම ජනතාව චර්ම ඡේදනය අනුමත කළේ නෑ.ඔවුන්ට අනුව එය ස්වභාවික මිනිස් සිරුර විකෘති කිරීමක්.ඉන්දියානු පෙරදිග ආගම් වලද සුන්නත් කිරීම ගැන සඳහනක් නෑ.

20 වන සියවසේදී නැවතත් සුන්නත් කිරීම ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රචලිත වුණා.ඊට මූලික හේතුව වුනේ ඒ කාලයේ ඉදිරිපත් වූ germ theory of disease එක​.අද වන විට ඒ theory ය එතරම් නිවැරදි නොවන බව සැළකුනත් චර්ම ඡේදන පුරුද්ද අදත් ඇමෙරිකානු පිරිමින් අතර  ප්‍රචලිතයි.


සුන්නත් කිරීම බහුලවම සිදුවන රටවල්




ඉතිරිය ඊළඟ පෝස්ට් එකෙන්...


10 comments:

  1. ‘යදම්‘ නමින් සමන් වික්‍රමආරච්චි මහත්තය සිංහලට පරිවර්තනය කරපු ඇලෙක්ස් හේලිගෙ Roots පොතෙත් ඔය අප්‍රිකානු ගෝත්‍රික පිරිමි ළමයි සමූහ සුන්නත් කිරීම ගැන අපූරු විස්තරයක් තියෙනව.

    වෛද්‍යවරු නොවන අයත් මේ වැඩේ කරනව නේද? එතකොට චර්ම ඡේදනයට ලක්වුන ළමයගෙ සෞඛ්‍ය තත්ත්වයට ඒකෙන් බලපෑමක් වෙනවද?

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යයෙන්ම​,මම ඊලඟට ඒ සම්බන්ධව ලියන්න බලාපොරොත්තු වෙනවා.
      මම ඒ පොත බලලා නම් නෑ.තොරතුරට තුති.

      Delete
  2. යාළුවා බ්ලොග් එක හොඳ නිසාත් ඔබට වැඩක් කරන්න පුළුවන් නිසාත් මගේ බ්ලොගෙන් Tarunayaa තරුණයා ගැන ප්‍රමෝට් කරන්න හිතුවා.පුළු පුළුවන් විදිහට දිගටම ලියමු.ජය!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි යාළුවා.මට නිතරම ලියන්න නම් වෙන්නෙ නැතිවෙයි.ඒත් බලමුකො.ඔබේ ක්‍රියාවට Thanx.මමත් Link එකක් දාන්නම්කෝ.

      Delete
  3. කියවද්දිත් නිකං ඇග හිරි වැටෙනවා වගේ..

    ReplyDelete
    Replies
    1. කරන කොට කොහොම ඇතිද නේද​?

      Delete
  4. @ Dushyantha Akash,මචන් උඹට ඒ අත්දැකීම විඳ ගන්න ආසනම් මම කපල දෙන්නද?

    ReplyDelete
    Replies
    1. නෑ නැතුවට කමක් නෑ මචන්...

      Delete
  5. eken tiyana prayojanaya mokakda macho

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...