Sunday, September 2, 2012

සුන්නත් කිරීම​/Circumcision 3

චර්ම ඡේදනය ගැන අද සදාචාරාත්මක ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා වෙනවා.
එයින් ප්‍රධානම කරුණ තමයි,ස්ව කැමැත්ත/Autonomy  පිළිබඳ ප්‍රශ්නය​.
ඒ කියන්නේ තමන්ගේ සිරුර ගැන තමන්ට තීරණ ගැනීමේ හැකියාව තිබිය යුතුයි කියන දේ.සමහර සංවිධාන වයස 18ට අඩු පුද්ගලයන් වෙනත් පුද්ගලයන් ගේ සංස්කෘතික අවශ්‍යතා මත චර්ම ඡේදනයට ලක් කිරීමට එරෙහිව හඬ නගනවා.






හුඟක් වෙලාවට සංස්කෘතික හේතු මත සුන්නත් කිරීම සිදු වුනත් එය අවශ්‍ය වන වෛද්‍යමය තත්ව කීපයකුත් තියෙනවා.
ඉන් ප්‍රධානම තත්වය තමයි phimosis කියන තත්වය​.
එනම් තරුණ වයසට පැමිණියත් පෙරසම සම්පූර්ණයෙන්ම පිටුපසට ගත නොහැකි වීම​.මෙම තත්වය නිවැරදි නොකළහොත් ඔහුට කිසි විටක ලිංගික එක්වීමකට හැකියාව ලැබෙන්නේ නෑ.ලිංගික එක්වීමක යෙදුනොත් එහිදී පෙරසම ශිෂ්නය වටා හිරවී එය ඉදිමී කියන ඉතාම වේදනාකාරී Paraphimosis තත්වය ඇති වෙනවා.එවැනි අයට ඉතින් මංගල රැය රෝහලේ තමයි ගත කරන්න වෙන්නේ.
අනෙක්  එතරම් සුලබ නැති තත්වය තමයි පෙරසම අතර ඇතිවෙන ප්‍රදාහ තත්ව​.එය recurrent balanopsthitis කියලා හැඳින් වෙනවා.

ලංකාවේ නම් හුඟක් පිරිමි චර්ම ඡේදනයට ලක් කරලා නෑනේ.
ඒ අයට පොඩි උපදෙසක්.

  • තමන්ට phimosis තියෙන්වද කියලා පොඩ්ඩක් බලන්න​.ශිෂ්නය හොඳින් ප්‍රාණවත් වූ පසු පෙරසම සම්පූර්ණයෙන්ම පිටුපසට ගන්න පුළුවන් වෙන්න ඕනෑ.විවාහයට කලින් ඒක හදා ගත්තේ නැත්තම් මංගල රැයේදී ඉස්පිරිතාලයකට එන්න වෙයි.(ඇත්තටම තාම සමහරු එහෙම එනවා.​)

  • අනෙක් එක තමයි හැමදාම පෙරසමට යටින් එකතු වෙන smegma හොඳින් සෝදා ඉවත් කරන්න ඕනෑ.මොකද ඒවා පිළිකා කාරකයක්.කාලයක් ඒවා එකතු වෙලා තිබුණොත් ශිෂ්නයේ පිළිකා (penile cancer) හැදෙන්න පුළුවන්.

  • අනෙක් කරුණ අලුත් පියවරුන්ට​.පොඩි කාලෙදි පෙරසම කොහොමත් පිටුපසට ගන්න බෑ.ඒ නිසා හුඟක් තදින් දරුවන්ගේ එහෙම කරන්න එපා.එහෙම කරාම phimosis තත්වය දරුවාට ඇති වෙන්න පුළුවන්.(මේ වැරැද්දත් නිතරම මුණ ගැසෙන දෙයක්)

21 comments:

  1. // අනෙක් එතරම් සුලබ නැති තත්වය තමයි පෙරසම අතර ඇතිවෙන ප්‍රදාහ තත්ව​.එය recurrent balanopsthitis කියලා හැඳින් වෙනවා.//

    මේ ගැන තව ටිකක් විස්තර කරන්න පුළුවන්ද?

    පෙරසමට යටින් එකතු වෙන smegma නිවැරදිව පිරිසිදුකරන ක්‍රමයක් තියෙනවද? සාමාන්‍යයෙන් මම දිනපතා නාන නිසා ඒව පිරිසිදු වෙනව ඇති. මෙච්චර කාලෙකට ප්‍රශ්නයක් නම් වෙල නෑ හැබැයි. :)

    වැඩුනු පිරිමියෙක්ට චර්ම ඡේදනය සැත්කමක් කරනව නම් දින දෙක තුනක් රෝහල් ගත වෙන්න වෙනවද, නැත්නම් එක දවසින් ඒක කරල ගෙදර එන්න දෙනවද? සැත්කමෙන් පස්සෙ වේදනාවක් එහෙම තියෙනවද, මුත්‍ර කිරීමෙදි වගේ දින කීයක් විතර අපහසුතාවයන් ඇති වෙනවද, අනෙක ඒ සැත්කමෙන් පසු කොපමණ කල් යනකන් ලිංගිකව එකතුවෙන්න (හෝ ස්වයං වින්දනය) නරකද, වගේ විස්තර ටිකකුත් කියන්න පුළුවන් ද?

    වරදවා වටහගන්න එපා ඕං. කරගන්න හිතිල නෙවි, දැනගන්න ඇහුවෙ. :)

    ReplyDelete
    Replies
    1. Sorry for the delay...

      Balanopsthitis කියන්නේ ශිෂ්න මුණ්ඩය(GLANS PENIS) මත ඇති වෙන ප්‍රදාහ(Inflammation) තත්වයක්.
      බාහිරව බලපුවාම රතු පාට ලප විදියට පේන්න පුළුවන්.සමහර විට දැවිල්ලකුත් ඇත් වෙන්න පුළුවන්.

      Smegma අයින් කරන්න පෙරසම හොඳින් පිටුපසට කර සෝදන්න ඕනෑ.සබන් සහ වතුර විතරක් ඇති.ඒවා එකතු වුනොත් ප්‍රශ්නයක් වෙන්නෙ වයසට ගියාම​.

      සමාන්‍යයෙන් සුන්නත් කරන්නේ හිරි වට්ටවලා.එහෙම අයට එදාම ගෙදර යන්න පුලුවන්.කොහොමත් පහුවෙනි දා යන්න පුලුවන්.කරන Hospital එකේ සම්ප්‍රදාය මත ඒක තීරණය වෙන්වා.

      මුල් දවස් වල නම් යම් වේදනාවකුත් ඉදිමීමකුත් තියෙන්න පුලුවන්.
      මුල් දවස් වල වේදනා නාශක බේත් ගන්න පුලුවන්.
      විශේෂයෙන්ම ශිෂ්නය ප්‍රාණවත් වෙද්දී වේදනාව වැඩි වෙන්න පුලුවන්.
      හොඳින් fit වෙන යට ඇඳුම් ඇදීමෙනුත්, ශිෂ්නය උඩු අතට රඳවා තබා ගැනීමෙනුත් අපහසු ගතියත්, ඉදිමුමත් අඩු වෙන්න උපකාරී වෙනවා.
      මුල් ටිකේ මුත්‍රා කරන කොට වෙන දා වගේ යන්නේ නැතුව විසිරිලා යන ගතියක් තියෙන්න පුලුවන්.ටික දවසකින් ඒක හරි යනවා.

      ලිංගික එක්වීමකට නම් සති හයක් විතර ඉන්න වෙනවා.
      ස්වයංවින් දනය නම් සති හතරකින් විතර පස්සෙ පුලුවන්.හබැයි එක පාරටම ඉස්සර කරා වගේ බෑ.ඒකට ක්‍රමයක් තියෙනවා.මේ දින ගණන් නම් දළ අගයන් හුඟක් වෙලාවට පුද්ගලයගෙන් පුද්ගලයාට වෙනස් වෙන්වා.

      Delete
  2. පෙරසම සම්පූර්ණයෙන් පිටුපසට ගන්න බැහැ. ශිෂ්ණයට යටින් කුඩා මස්වැදැල්ලකින් සම්බන්ධ වී තිබෙනවා. මෙය රෝගී තත්වයක්ද?

    ReplyDelete
    Replies
    1. Sorry for the delay...

      පෙරසම හමෝගෙම වගේ කුඩා පටක තීරුවකින් ශිෂ්නය එක්ක සම්බන්ධ වෙලා තියෙනවා.ඒක frenulum කියලා හඳුන්වනවා.(සමහරු "නූල​" කියලත් කියන්නේ)

      මොන හේතුවක් නිසා වුනත් පෙරසම සම්පූර්නයෙන්ම පිටුපසට ගන්න බැරිනම් ඉතින් ඒක නිවැරදි කළ යුතු ප්‍රශ්නයක්.

      Delete
    2. Perasam smpurnyen pitupast paminene bw pahasiliw haduna gnne kesed kyl kynnkoo

      Delete
  3. වටිනා පෝස්ටුවක්... එළිපිට කථා නොකරන මාතෘකාවක්...

    ReplyDelete
  4. මම autocircumcision කියල දෙයක් අහල තියෙනවා. එකේ තේරුම මොකක් ද?

    ReplyDelete
    Replies
    1. Auto circumcision කියලා කියන්නේ නිතරම ශිෂ්නයේ පෙරසම පිටුපසට කොට තබා ගැනීම නිසා කාලයක් ගතවූ පසු සුන්නත් කළ ආකාරයක් දිස්වීමටයි.
      විශේෂයෙන්ම කුඩා කල සිට නිතරම පෙර සම සම්පූර්ණයෙන්ම පිටුපසට කොට තබා ගත් විට වැඩිවිය පත් වූ පසු ශිෂ්නය සුන්නත් කොට ඇති අකාරයටම දිස් වීම සිදු වෙනවා.සමහර ආසියාතික රටවල මෙය පවුලේ සිරිතක් වශයෙන් සිදු කෙරෙනවා.

      Delete
  5. Issara pera sama wadiya passata ganna ba… dan chutta chutta adalama dan eka hari gihin… normal erect wenne nathuwa thiyenakota witharai ehema passatama adinna puluwan..erect wela thiyenakota wadiya ba..mokada karanne? Please help..

    ReplyDelete
  6. mema sethkama kara genima sadaha hamuviya yuththe kumana wargaye doctor kenekda

    ReplyDelete
  7. ශිශ්න මුන්ඩය වටා රතු පාට ලප කිහිපයක් ඇතිවී ඇති අතර පෙර සමට යටින් සහ ශිශ්න මුන්ඩය මත සුදුපාට කුඩු වැනි ද්‍රව්‍යක් එක්වී ඇත.මූත්‍ර කල පසු...ඒ ප්‍රදේශයේ මුත්‍රා ගෑවුනු විට යම් දැවිල්ලක්ද එයි. පිලියමක් දෙන්න.

    ReplyDelete
  8. Mata parasama passata ganna be ...maga wayasa 32k wanawa kohomada maka kkargnna ..doctor kank ga no danna puluwanda

    ReplyDelete
  9. පෙර සමට සම්බන්ධ වෙල තියෙන ශිශ්නයේ ඉදිරියෙන්ම ඇති කොටස ස්පර්ශ උනත් වේදනාවට ලක් වෙන එක රෝගී තත්වයක්ද

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. සුන්නත් කිරීමෙන් පසු ශිෂ්‍නයේ ඇති දැඩි සංවේදීතාවය නිසා, එය ඕනෑම දෙයක වැදුනු විට ඇති වන දැඩි අපහසුව නැති කරගන්නේ කෙසේද? එයට කොපමන කලක් යයිද..?

    ReplyDelete
    Replies
    1. ඔබ සුන්නත් කර තිබෙනවාද මේ වනවිට

      Delete
  12. සුන්නත් කිරීමෙන් පසු ශිෂ්‍නයේ ඇති සංවේදීතාවය නැති වී ගොස් ඇති අතර ලිංගිකව එක් වීමේදී තෘප්තිමත් වීමට මෙය දැඩි ප්‍රශ්නයක් වී ඇත,විසදුමක් බලාපොරොත්තු වෙමි

    ReplyDelete
    Replies
    1. ඔබ මෙය කර කොපමණ කාලයක් වෙනවද

      Delete
  13. Frenulum still attached to the head of penis. I am 18. Is that normal.? I read that it should break naturally by now

    ReplyDelete
    Replies
    1. How to remove frenulum at home

      Delete

Related Posts Plugin for WordPress, Blogger...